අයිපීඑල් අවසන් සටන අද

185

2021 අයිපීඑල් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද (15 වැනිදා) රාතී‍්‍ර 7.30 ට ඩුබායිහිදී පැවැත්වේ.

 චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින් ද කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔයින් මෝර්ගන් විසින් ද මෙහෙයවනු ලබති.

 චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර වටයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි අතර කල්කටා කණ්ඩායම ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට පිවිසියේය.

 දිල්ලි කැපිටල්ස් සහ කල්කටා කණ්ඩායම අතර පෙරේදා (14 වැනිදා) පැවැති තරගයේදී කඩුලූ 3 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කල්කටා කණ්ඩායම සමත් වූ අතර අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී ඔවුහු එම ජයග‍්‍රහණයට පිවිසියහ.

 චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයිපීඑල් ශූරතාවය තෙවරක් ජයග‍්‍රහණය කර ඇති අතර ඔවුන් මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 9 වැනි වතාවට වන අතර අනෙකුත් අවස්ථා 8 න් 5 කදීම අවසන් මහා තරගයේදී පරාජය වී ඇත.

 කල්කටා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ අවස්ථා 2 කදී පමණක් වන අතර ඒ අවස්ථා දෙකේදීම කල්කටා කණ්ඩායම ශූරතාවය ලබා ගෙන ඇත. ඔවුන් අවසන් වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ 2014 වසරේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment