අයියෝ… බිකිනිය දැන් සාමාන්‍ය දෙයක් Drama Queen යුරේනි ද?

280

රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන මුහුදට බහින්න බැහැනෙ

අනම්මනම් වැඩක් නෑ. තමන්ගෙ විදිහට ගමනක් යන කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන සුන්දර ඇය මෙවරත් ගින්දර වගේ වැඩක් කරල.

බැනුම් අහන්න වෙයිද? අපි ඇහුව.

අද කාලෙ තරුණ පරපුර ඉස්සර වගේ ළිං මැඩි අදහස් තියෙන අය නෙමෙයි.

ඇය කිව්වෙ එහෙම.

ඒ ගැන ඔබම තීරණය කරන්න

යුරේනි අලුත් වැඩක් කරල?

ඔව් ඉතින් මේ යුරේනි නොෂිකා කියන චරිතෙ නොකරන දෙයක් නෑනෙ. හැමදේටම ට්‍රයි කරනව. කරන්න බැරි වුණත් ට්‍රයි කරල බලනව ඉතිං. ඒක නිසා ආරාධනාවක් ආව පොඩි රැප් එකක් කරමු කියල. මාත් ඉතිං ඕන දේකට රෙඩි නිසා වගේම තරුණ පරපුර එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති කෙනෙක් නිසා අභියෝගය භාරගෙන ඔන්න රැප් එකකුත් කළා දැන්.

අයියෝ… බිකිනිය දැන් සාමාන්‍ය දෙයක් Drama Queen යුරේනි ද?

මේ රැප් එක ඊයේ රිලීස් වුණා?

ඔව්, දුලාන් ඒ. ආර්. එක්ස්. තමයි ගායකයා. ඊයේ ඉඳන් හැමෝටම බලන්න පුළුවන් රැප් එක සහ ලස්සන මියුසික් වීඩියෝ එකක්. මං හිතන්නෙ නැහැ ලංකාවේ ෂූට් කරල ඇති කියල මේ වගේ මියුසික් වීඩියෝ එකක්. ඒක හරියට පිටරටක කළා වගේ. සිංදුව නම් කළේ Drama Queen කියල. ෂූට් කළේ නිලාවැලි සහ ත්‍රිකුණාමලයේ. සේල් ලංකා ආයතනය අපිට ගොඩක් උදවු කළා වැඩේට. මහන්සි වෙලා ලස්සන වීඩියෝ එකක් කළා.

ඉදිරියට යුරේනිගෙන් රැප් ගීත අහන්න පුළුවන් වෙයි?

continu වෙයිද කියන එක නම් දන්නෙ නැහැ. රැප් අත්දැකීම හොඳයි. හිතුව තරම් අමාරු වුණේ නැහැ. දුලාන් මල්ලිගෙන් Support එකක් හම්බ වුණා රැප් කරන්න. හිතු-වට වඩා හොඳට රෙකෝඩින් වුණා.

අයියෝ… බිකිනිය දැන් සාමාන්‍ය දෙයක් Drama Queen යුරේනි ද?

මහන්සියට ප්‍රතිපල ලැබෙයිද?

ගොඩක් මහන්සි වෙලා අපි ලස්සනට වැඩේ කළා. දැවැන්ත මියුසික් වීඩියෝ එකක්. මං හිතනව මහන්සියේ ප්‍රතිපල තියෙයි කියල වගේම ප්‍රේක්‍ෂකයන් ආදරෙන් වැළඳගනීවි කියල.

බිකිනියට දෝෂාරෝපන එයිද?

අයියෝ බිකිනි එකක් කියන්නෙ දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ ලංකාවෙ. අනික මුහුදකට යන්න බැහැනෙ රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන. මුහුදක යන්න ඒක ලෝකෙ පිළිගත්ත ඇඳුමක්. අද කාලෙ තරුණ පරපුර ඉස්සර වගේ ළිං මැඩි අදහස් තියෙන අය නෙමෙයි. පොඩි කාලෙ ඉඳන් ලෝකය දැකල අන්තර්ජාලය හරහා මනස විවෘත වෙලා යම් දෙයක් විවෘතව දකින්න පුළුවන් අය. ඒ නිසා මේ ගීතයේ සහ වීඩියෝවේ රසය හරියට විඳීවි කියල හිතනව.

කොන්සර්ට් භාරගන්නවද?

ඔව්, අනිවාර්යයෙන්ම භාරගන්නව. මගෙත් සිංදු දෙකක් තියෙනව.

වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ?

ගායනයට ලැබෙන ආරාධනා අඩුයි. වැඩිපුර ලැබෙන්නෙ මියුසිකල් ෂෝස්වල නිවේදන කටයුතුවලට. මට හිතෙනව මේ ගීතයෙන් පස්සෙ ගායනයට ආරාධනා ලැබෙයි. බොහෝ විට හිතෙනව රංගනයට වඩා සියදහස්ගුණයක් ගීත ගායනා කිරීම සුදුසුයි කියල. රංගනයේදී අපි දවසකට පැය දහසය දාහත වැඩකරනව. නමුත් ගායනයේදී සිංදු හතරක් පහක් කිව්ව ස්ටේජ් එකෙන් බැස්සා. එච්චරයි.

රැප් කරන්න ආරාධනා ලැබුණොත්?

ඔව්, අනිවාර්යයෙන් යනව. මං හරි කැමතියි දන්නෙ නැති දෙයක් ඉගෙනගන්න. කවුරුහරි කෙනෙක් මාව ගයිඩ් කරනව නම් පැකිලීමකින් තොරව මම රැප් කරයි.

පසුගිය දවස්වල ඔබේ ෂෝට් ෆිල්ම් එකක් බොහොම ජනප්‍රිය වුණා?

ඔව්, ඒ ‘ටෙඩී’ ෂෝට් ෆිල්ම් එක. ලැබිල තිබුණ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දැක්කම හරි සතුටුයි. මගේ දක්‍ෂතා වලින් හරියට කවුරුවත් ප්‍රයෝජනයක් අරගෙන නැහැ වගේම ඒ දක්‍ෂතා පෙන්වන්න මට අවස්ථාවක් ලැබිලත් නැහැ. මගේ තියෙන දක්‍ෂතා පෙන්වන්න සහ ලංකාවේ කාන්තාවන් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න ගැන කතාකරන්න වගේම ඔවුන්ට ආදර්ශයක් දෙන චිත්‍රපටයක් කරන්න මට වුවමනා වුණා. මේ කාරණf ඔක්කොම එක්ක තමයි මම ටෙඩී හැදුවෙ. ඒකෙ ප්‍රතිපලයක් විදිහට ගොඩක් කාන්තාවන් අපිට පර්සනලි මැසේජ් එවල තිබුණ එයාලගෙ ජීවිත කතාව මේකට කොච්චර සමානද කියල. මේ කතාව කෙනකුගේ ආත්මයට කතා කළා කියන දේ ගැන ගොඩක් සතුටුයි. සමහර දෙවල් අපි කරන්නෙ මිලමුදල්වලට. නමුත් සමහර දේවල් ආත්ම තෘප්තිය සඳහා කරනව. ටෙඩී චිත්‍රපටය වැටෙන්නෙ මේ දෙවැනි කොටසට.

සරාගී ගායිකාවක් වෙන්න අදහසක් තියෙනවද?

අනේ ගායිකාවක් වෙන්න නම් අදහසක් නැහැ. ඉඳල ඉඳල සිංදුවක් නම් කරයි. ඒ වෘත්තීය ගායිකාවක් වෙන්න හිතාගෙන නෙමෙයි වගේම ඒක මගෙ ෆැෂන් එක නෙමෙයි. කට්ට කෑවත් මගේ ෆැෂන් එක තියෙන්නෙ රංගනයට. ඒ මම හදවතින්ම කරන්න ආසා කරන දේ, ආදරය කරන දේ.

නිවේදනයට මොන වගේ තැනක්ද තියෙන්නෙ?

ඒක වෙනස් දෙයක්. මටම ආවේනික වුණ නිවේදන ශෛලියක් තියෙනව. ඒක සමහරු පිළිගන්නව. සමහරු අනුමත කරන්නෙ නැහැ. නමුත් මේ යුරේනි නොෂිකා. මං ගැන මිනිස්සු කොහොම හිතයිද කියන තැන ඉඳල නෙමෙයි මම වැඩකරන්නෙ. මට හරි කියල හිතෙන දේ මගේ විදිහට මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් තමයි මම කරන්නෙ.

යුරේනි හරි ඕපන්?

ඒක මෙහෙමයි, මිනිස්සු පැකිලෙන දේවල් ගැන මම සෘජුව කතාකරන කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ඕපන් කියල කියන්නෙ. බොරුව කියන දේ මං ළඟ අඩුයි.

Drama Queen යුරේනිටම ලියපු එකක්ද?

ඔව්.. ඔව්.. මං හිතන්නෙ එයා සිංදුව ලියල තියෙන්නෙත් මාව හිතේ තියාගෙන තමයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment