ආයුර්වේද ඖෂධ ප‍්‍රතිකාර මගින් කිරීටක ධමනි අවරෝධය සුවකිරීම

1717

කොවිඞ් වෛරස රෝගය නිසා ජීවිත අවදානමක් ඇතිවිය හැකි පුද්ගලයන් සහ මෙම රෝගය නිසා සංකූලතා බහුලව ඇතිවිය හැකි පුද්ගලයන් අතර හෘදයාබාධ සහිත අයද සිටිති. එබැවින් හෘදයාබාධ සහිත පුද්ගලයන් රෝගය නිසි ලෙස පාලනයට හෝ පවතින රෝගී තත්්ත්වය සුවකර ගැනීමට නිසි ප‍්‍රතිකාර ලබා ගැනීම මෙන්ම හෘදයාබාධ මතුවීමේ අවදානමක් සහිත අය එම අවදානමින් මිදීමට අවශ්‍ය පියවර ගැනීම ද කළ යුතුය.

 ඒ සඳහා ආයුර්වේදයේ ඇති ප‍්‍රතිකාර සම්බන්ධව අවධානය යොමු කරමු.

 හෘදයාබාධ

 ආයුර්වේදයේ හෘදයාබාධ ඇති වීමට බලපාන කරුණු පහක් සඳහන් කර ඇත. වාතජ, පිතජ, කපජ, ති‍්‍රදෝෂ සහ කි‍්‍රමිජ යනු එම කරුණු පහය.

 මෙම කරුණුවල බලපෑමෙන් වර්තමානයේ අප පවසන සියලූම වර්ගයේ හෘදයාබාධ හට ගැනීම සිදුවේ.

 මෙලෙස මතුවන හෘද රෝග අතරින් බහුලවම අපට වැළඳෙන හෘද රෝගයක් ලෙස කිරීටක ධමනි අවරෝධ වීමේ හෘද රෝගය හඳුනාගෙන ඇත.

ආයුර්වේද ඖෂධ ප‍්‍රතිකාර මගින්  කිරීටක ධමනි අවරෝධය සුවකිරීම


කිරීටක ධමනි අවරෝධය

 මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වර්තමානයේ අප ඇවිදීම, ඇඟපත වෙහෙසකරවීම ව්‍යායාමවල යෙදීම අඩුවෙන් සිදුකරන ජීවන රටාවකට සහ අධික මේදය සහිත ආහාර පාන බහුලව ගන්නා ආහාර රටාවකට හුරුව දිවි ගෙවීමය.

 ඊට අමතරව ආයුර්වේදයේ සඳහන් කරන වාතජ, පිතජ සහ කපජ යන දෝෂවල බලපෑමද මෙම කිරීටක ධමනි අවරෝධ වීමේ රෝගයට බලපානු ඇත.

 ආයුර්වේදයේ මෙම කිරීටක ධමනි අවරෝධවීමේ රෝගය සඳහා ප‍්‍රතිකාර කිරීමේදී ඊට බලපා ඇති හේතුව නිවැරදිව හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රම සහ ඊට අවශ්‍ය ඖෂධ වර්ග රැසක් ඇත.

 නමුත් බොහෝ දෙනා මෙම කිරීටක ධමනි අවරෝධය සඳහා එකවර බයිපාස් සැත්කම් සඳහා යොමුවේ.

 ආයුර්වේදයේ දක්‍ෂ වෛද්‍යවරයකුට මෙම කිරීටක ධමනි අවරෝධයට බලපා ඇති හේතුව නිවැරදිව හඳුනාගෙන සැත්කම්වලින් තොරව ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී.

 ආයුර්වේදයේ ඇති සුවිශේෂී බව වන්නේ රෝගයක් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී  රෝගියාගෙන්  රෝගියාට විශේෂ වූ ප‍්‍රතිකාර සිදුකිරීමය. එනිසා සෑම රෝගියකුටම එකම ප‍්‍රතිකාර ක‍්‍රමයක් භාවිතා කරන්නේ නැත. රෝගියාගෙන්  රෝගියාට ප‍්‍රතිකාර ලබාදිය හැකි ප‍්‍රතිකාර ක‍්‍රම රැසක් ආයුර්වේදයේ ඇත. වාතජ බලපෑම නිසා හෘදයාබාධය මතුව ඇත්නම් ඒ සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. පිතජ බලපෑම නිසා හෝ කපජ බලපෑම නිසා හෝ මතුව ඇති හෘදයාබාධ සඳහා සිදුකරන ප‍්‍රතිකාර ක‍්‍රම වෙනස්ය. එනිසා බයිපාස් සැත්කම්වලට යොමු නොකර මෙවැනි රෝගීන් සුවපත් කළ හැකියි.

 හෘදයාබාධයකදී මතුවන රෝග ලක්‍ෂණ

 කිරීටක ධමනි අවරෝධය හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ මතුවන හෘදයාබාධය සඳහා හට ගන්නා රෝග ලක්‍ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස්ය.

 පපුව මැද වේදනාවක්, පිටකොන්දේ වේදනාවක් හෝ අතක් දිගේ ගමන් කරන වේදනාවක්, ඇතිවිය හැකිය. මෙම වේදනාව කටුවකින් අනිනවා මෙන්, පිහියකින් කපනවා මෙන් හෝ මිරිකනාවක් මෙන් ලෙස විවිධ අයුරින් මතුවේ.

 ඒ අතර හෘදයාබාධවලින් පෙළෙන රෝගීන්ට මතුවන පොදු අපහසුතා කිහිපයක්ද ඇත. ඒවා අතර කන්දක් වැනි උස් ස්ථානයකට ඇවිද යන විට වෙනදා නැති අධික වෙහෙසකර බවක් ඇතිවීම හුස්ම ගැනීමේ අපහසුව, වේදනාව දැනීම ආදිය මතුවේ. ඊට අමරතව සාමාන්‍ය කටයුතුවල යෙදෙන විටද වෙනදා ඇති නොවූ වෙහෙසකර බවක් මතුවේ.

 හෘද රෝග සඳහා ප‍්‍රතිකාර

 ආයුර්වේදයේ සැත්කම් සිදුනොකර ඊට වඩා උසස් ප‍්‍රතිකාර සිදුකළ හැකි ඖෂධ වර්ග රැසක් තිබේ. උදාහරණයක් ලෙස කැල්සියම් තැන්පත් වීම නිසා හෘදයේ නාල අවරෝධය වීමක් ඇතිවිට එම අවරෝධය සඳහා බලපා ඇති කැල්සියම් දියකර හැරීමට හැකි විශේෂ ඖෂධීය ප‍්‍රතිකාර ඇත.

 එලෙස හෘදයාබාධය මතුවීමට බලපා ඇති අවහිරතාවය දියකර හැරීමට හෝ ඉවත් කර දැමීමට හැකියාව සහිත විශේෂ ඖෂධ වර්ග ඇත. මෙම ඖෂධ වර්ග වර්තමානයේ විද්‍යාත්මකව පරීක්‍ෂණ කර සහ සායනිකව පරීක්‍ෂාවට ලක්කර සහතික කර තිබේ. එනිසා සෑම රෝගියෙක්ම බයිපාස් වැනි සැත්කම් සඳහාම යොමුවිය යුතු නැත. සැත්කමක් මගින් වහා ප‍්‍රතිකාර ලබාදිය යුතු රෝගීන් පමණක් බයිපාස් සැත්කම් කිරීමට යොමුකළ හැකිය.

 එනිසා රෝගියාගේ මතුව ඇති රෝග තත්ත්වය පරීක්‍ෂාකර ඖෂධ ප‍්‍රතිකාරවලින් සුවපත් කිරීම වෙනුවට එකවරම බරපතළ සැත්කමක් වන බයිපාස් සැත්කමකට යොමුවීම සුදුසු යැයි ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස මා කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. ආයුර්වේදයේ හෘද රෝග සඳහාම වෙන්වූ ඖෂධ වර්ග රැසක් ඇත. එම ඖෂධ මගින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බව මේ දක්වා සිදුකර ඇති රෝග ප‍්‍රතිකාර අනුව තහවුරුවී තිබේ.

 එනිසා හෘද රෝගියෙක් ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගැනීමේදී ඒ සඳහා සුදුසු දක්‍ෂ වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුය. එවැනි වෛද්‍යවරුනට රෝගියාගේ රෝග ලක්‍ෂණ අනුව මතුව ඇති හෘදයාබාධය නිවැරදිව හඳුනාගෙන රෝගය සුවපත් කිරීමේ හැකියාව වර්තමානයේ පවතී.

 ආයුර්වේදයේ ඇති සුවිශේෂී බව වන්නේ රෝගයක් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී  රෝගියාගෙන් රෝගියාට විශේෂ වූ ප‍්‍රතිකාර සිදුකිරීමය. එනිසා සෑම රෝගියකුටම එකම ප‍්‍රතිකාර ක‍්‍රමයක් භාවිතා කරන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment