ඉදිරි මාස කිහිපය ප්‍රවේශමෙන්… ලොකු ලොක්කන්ටත් වැඩ වරදී…

212

දේශපාලන ලෝකයේ විශාල පෙරළියක් ඇතිවෙයි. එමෙන්ම 2022.04 මාසයෙන් පසුව ඇතිවූ සමාජ පෙරළියට තවත් කොටස් ඉදිරි මාස කීපයේ එකතු වේ. දේශපාලකයන්ට හිරගෙවල්වලට යෑමටත් ඔවුන් මත යැපුණු ජනයාට සහ ඔවුන්ගේ ව්‍යාපාර විශාල වශයෙන් කඩා වැටීමක්ද සිදුවෙයි.

 2020 සිට 2030 අතර කාලය තුළදී ස්වභාව ධර්මය විසින් මිනිසුන්ට අපූරු දේ කියා දෙයි. ඇත්ත වශයෙන්ම ජල ගැලීම්, ආහාර හිඟය ආදියත් ඇතුළත්ව මේ සියලු ප්‍රශ්නවලට විසඳුම දෙන්න හැකියාවක් නැත. මිනිසුන්ට විසඳාගත නොහැකි ගැටලු ඇති වේ. ජනාධිපතිගේ ඉදිරි කාලය මිනිස් ක්‍රියා මෙන්ම මහජනයාගෙන් රාජ්‍ය නායකයන්ට ප්‍රබල පහරක් එල්ලවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම රටේ ප්‍රධානියාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද කැබිනට් ඇමැතිවරුන් ද අගමැතිතුමාට ද විශේෂයෙන් කිව යුත්තේ ළඟම සිටින අයගෙන් පරිස්සම්වන ලෙසයි. දුර සිටින අය ගැන විශ්වාසය තැබුවත් ළඟම සිටින අයගෙන් ප්‍රධාන පෙළේ සිටින අයට අශුභයි. මෙයට හොඳම උදාහරණය තමයි 1956 රට පාලනය කළ බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීම. ඒවගේම ප්‍රේමදාස මහතා කුඩා තැනක සිට විශාල සේවයක් කළත් රටේ ලොකේ ඔහු ප්‍රසිද්ධ වුවත් සියලලෝම දන්නවා ඔහුවත් ඝාතනය කළ බව. ඒ ඔවුන් කිසි විටෙකත් තමන්ගේ ආරක්‍ෂාව ගැන අවධානයෙන් නොසිටි නිසා බවයි මගේ හැඟීම.

 දේශපාලන ලෝකයේ විශාල පෙරළියක් ඇතිවෙයි. එමෙන්ම 2022.04 මාසයෙන් පසුව ඇතිවූ සමාජ පෙරළියට තවත් කොටස් ඉදිරි මාස කීපයේ එකතු වේ. දේශපාලකයන්ට හිරගෙවල්වලට යෑමටත් ඔවුන් මත යැපුණු ජනයාට සහ ඔවුන්ගේ ව්‍යාපාර විශාල වශයෙන් කඩා වැටීමක්ද සිදුවෙයි. මුල් පුටුවේ සිට දේශපාලනඥයා සහ ඔවුන් මත යැපණු සහ ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන යන අයට නම් ස්වභාව ධර්මයෙන් යස පාඩම් කියා දෙන බව ඉදිරියේ දැක බලාගැනීමට හැකියාව ඇත. මෙතෙක් ඇසූ නැති දේ අසන්නටත් බල මොළ නැති අය නිසා විශාල වශයෙන් පාඩුවීමටත් දේශපාලනඥයන්ගේ බොහෝ රහසිගත දේ ලොවට අනාවරණය වීමටත් පටන් ගනියි. සුදුවතින් සැරසී සිටි දේශපාලකයන් මෙන්ම ඔවුන්ගේ බලතල ක්‍රියාවට නංවාගත් ස්ත්‍රී පක්‍ෂයටත්, කළු පැල්ලමක් එකතු වන බව සඳහන් කළ යුතුයි. තවද හිරගෙවල්, ආයුකාලයේ අඩුවීමක් ද පෙන්වාදිය යුතුයි. ප්‍රබලයන් අතර රහසිගත කතා බස් යෙදේ. රහසිගත කටයුතු ද ඇති වෙයි.

 මීට අමතරව හැම අතින්ම මහජනයාට ද පීඩා විඳින්නට සිදුවෙයි. 2022 ජුනිවලින් පසුව විශාල අර්බුද රැසකට මුහුණ දෙන්න සිදුවෙයි. ආහාර හිඟයක් රට තුළ නිර්මාණය වෙයි. ගොවිතැන් නැතිවී යයි. පාලකයන්ට අවශ්‍ය තරමට ආහාර සපයා දීමට නොහැකි වෙයි. කාල ඝර්ප යෝගයක් ද පෙන්නුම් කරයි. කුජ සහ කේතු එතරම් ශුභ නොවේ. සංචාරක ව්‍යාපාරය වේගයෙන් කඩා වැටෙයි. සුළු සුළු ආයතන මෙන්ම ඇඟලුම් කර්මාන්තය ද අඩුවී යයි. විදේශ විනිමය ලංකාව තුළට ගලාගෙන එන මාර්ග වැසී යයි.

ඉදිරි මාස කිහිපය ප්‍රවේශමෙන්... ලොකු ලොක්කන්ටත් වැඩ වරදී...

 නාඩි ජ්‍යොතිෂවේදී,
 වාස්තු විද්‍යා උපදේශිකා
 ඉවෝන් දිසානායක
 ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
 (මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
 රම්මුතුගල- කඩවත.
 දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment