ඉන්දු – පකිස්ථාන ක‍්‍රිකට් තරගයේ ජය සැමරූ කාශ්මීර සිසුන් අත්අඩංගුවට

358

ඉකුත් ඉරිදා දිනයේ ලෝක කුසලාන 20-20 පන්දුවාර ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය ජය ගැනීමේ ප‍්‍රීතිය සැමරු ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අග‍්‍රා නගරයේ වාසය කරන කාශ්මීර ජාතික සිසුන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම සිසුන් තිදෙනා තරගය පැවැත්වෙන අතරතුර ඉන්දීය විරෝධී හා පකිස්ථානයට පක්ෂපාති සටන් පාඨ කීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. අමනාපය හා සයිබර් ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමේ චෝදනා මෙම සිසුනට එරෙහිව ඉදිරිපත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment