ඉහළගම මාරක අනතුරින් මේජර් ඇතුළු තිදෙනෙක් මරුට

793

දෙදෙනෙක් රෝහලේ… වාහනය තාප්පයක ගැටේ

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේදී පෙරේදා (17 දා) රාත්‍රි සිදුවූ මාරක රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ආණමඩුව ප්‍රදේශයේ සිට ගල්ගමුව බලා අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය පාලනය කරගත නොහැකිව ගොස් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. මරුමුවට පත්වූ 35 හැවිරිදි යුද හමුදා මේජර් දිනේෂ් විජිත කුමාර ඉලංගරත්න මහතා සාලියපුර ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන නිලධාරියෙකි.

ඉහළගම මාරක අනතුරින් මේජර් ඇතුළු තිදෙනෙක් මරුට

මෙහිදී මරුමුවට පත්වූ සෙසු අය වන්නේ 30 හැවිරිදි චතුර සුභාෂණ ප්‍රේමලාල් සහ 36 හැවිරිදි රුවන් සාරංග ගුණසේකර බව පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි හර්ෂණ සංදීප (රියැදුරු) සහ 52 හැවිරිදි කේ. රන්බණ්ඩා යන අය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment