උකුස්සකුගේ ප‍්‍රහාරයෙන් කෝප වූ බඹරු පාසල් දරුවන්ට ඇනලා

133

ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සිසු සිසුවියන් රෝහලේ ප‍්‍රතිකාර ලබන අයුරු

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඞ් හෙල්බොඩ දමිළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට 15 දින උදෑසන එල්ල වු බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් පාසල් ළමුන් 17 දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඞ් පොලිසිය පැවසීය’

උකුස්සකුගේ ප‍්‍රහාරයෙන් කෝප වූ බඹරු පාසල් දරුවන්ට ඇනලා
පාසල අසල ගසක බඹර කුඩුව බැද ඇති අයුරු

පාසල අසල පිහිටි විශාල ගසක බැඳ තිබෙන බඹර කූඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු පහරදීම නිසා බඹරුන් ඇවිස්සී පාසල් ළමයින්ට ඇන තිබේ’ බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ය’ බඹර ප‍්‍රහාරය එල්ල වීමත් සමග තුවාල ලැබූ එම පාසලේ සිසු සිසුවියන් රෝහල වෙත යොමු කර හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවාස කරා යොමු කර පාසල 15 දින තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණි’ රෝහල්ගත කළ ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනකු සහ සිසුන් සිව්දෙනකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු සිසු සිසුවියන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබිණි’

නුවරඑලිය – නාලක රත්නායක






 

advertistmentadvertistment
advertistmentadvertistment