උතුම් වප් පොහොය අද

116

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස හඳුන්වන වප්පුර පසළොස්වක පොහෝ දින පැවිදි උතුමන් වහන්සේ වස් පවාරණයකරන පොහෝ දිනය ලෙස සැලකේ. සැරයුත් හිමි ප්‍රභූලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේද වප් පොහෝ දිනකය.

සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර බුද්ධ රශ්මි මාලා, විහිඳුවමින් මහා පෙළහැර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකය.

මහාරිෂ්ට මහරහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කළේ වප් පොහෝ දිනකදීය.

සචිනි චතුරිකා
ජන සන්නිවේදන අධ්‍යයනාංශය කැලණි විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment