ඔස්‌ට්‍රේලියාවේ දැවැන්තම පරිසර දූෂක බලාගාරය වසා දැමීමට යයි

284

ඔස්‌ට්‍රේලියාවේ පවතින දැඩි පරිසර දූෂණයක් ඇති කිරීමට හේතු වී ඇති අපවිත්‍රම ගල් අඟුරු විදුලි බලාගාරය ලෙස සැලකෙන වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි ‘ලොයි යැන්ග් ඒ’ බලාගාරය එය වසා දැමීමට නියමිතව තිබූ වසරට වසර දහයකට පෙර වසා දැමීමට බලාගාරයේ පාලනාධිකාරය විසින් තීරණය කර තිබේ.

ඔස්‌ට්‍රේලියාවේ පරිසර දූෂණයට හේතුව තිබෙන පරිසරයට නිකුත් කෙරෙන කාබන් ඇතුළු හරිතාගාර වායුන්ගෙන් සියයට 3කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කරන බවට අනාවරණය වී තිබෙන මෙම බලාගාරය මුලදී වසර 2048 වන විට වසා දැමීමට තීරණය වී තිබුණද එය 2035 වසරේදී වසා දැමීමට බලාගාරයේ අයිතිකාර ‘ඒ ජී එල් එනර්ජි’ සමාගම විසින් මේ වන විට තීරණය කර තිබේ. ඒ ජී එල් එනර්ජි සමාගම ඔස්‌ට්‍රේලියාවේ තිබෙන විශාලතම විදුලිබලය නිපදවන සමාගම මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් පරිසර දූෂණයට දායක වන දැවැන්තම සමාගම සේ සැලකේ. මෑතකදී දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ලෝකයේ සිදු වූ දරුණු ස්වභාවික විපත් හේතුවෙන් එම සමාගමට ෆොසිල ඉන්ධන දහනය සීමා කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබිණි. 2019-20 කාලය තුළදී ‘ලොයි යැන්ග් ඒ’ බලාගාරය මගින් හරිතාගාර වායුන් ටොන් මිලියන 16.6ක් පරිසරයට මුදා හැර ඇති බව වාර්තා වී තිබිණි. එම කාල සීමාවේදී ඔස්‌ට්‍රේලියාවේ පරිසරයට බලාගාර හා ආයතන මගින් මුදා හැර තිබූ හරිතාගාර වායුන් ප්‍රමාණය ටොන් 513.4ක් විය.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment