ක්‍රීඩකයන්ට දිරිය දෙන්න ඔලි නිලූක කරුණාරත්න පදනම බිහිවෙයි

30

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට දිරිය ශක්තිය ලබාදීම සඳහා ‘ඔලි නිලූක කරුණාරත්න පදනම’ නමින් සුබසාධන ආයතනයක් ආරම්භ කළේය.

පසුගියදා ඔලිම්පික් නිවහනේදී එම සද්කාර්යයට අත තැබූ නිලූක එහිදී සිය පළමු මූල්‍ය ප්‍රතිපාදනය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙත පිරිනැමීය.

බැඩ්මින්ටන් තරග බිමේ වසර 22ක් රැඳී සිටිමින් දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් අත්කරගත් 39 හැවිරිදි නිලූක 2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ වශයෙන් වාර තුනකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද එක් වූ අතර ක්‍රීඩාවෙන් තම සමුගැනීම ද නිල වශයෙන් එහිදී ප්‍රකාශයට පත් කළේය.

මේ අවස්ථාවට ඔලි නිලූක කරුණාරත්න පදනමේ සාමාජික ඔහුගේ බාල සොහොයුරු ජාතික ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇතුළු ඔලිම්පික් කමිටුවේ නිලධාරීහු ද සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment