කොඩිවින හූනියන් කපන එක පහසු නැත

1217

නූලක් පැන්නීමෙන්, දොරකඩ වැලි ස්වල්පයක් ඉසීමෙන්, ආහාරයට යමක් එකතු කිරීමෙන් මේ හූනියන් කොඩිවින කළ හැකිය සිතාය. එසේ කළ හැකි අවස්ථා ඇතත් නිවැරදිව මෙවැන්නක් කිරීමට බුද්ධිමත් ඇදුරන් පෙළඹෙන්නේ නැත. ඊට හේතු වන්නෙ යමෙකු කර දුන් කොඩිවිනයක් නිසා ඔවුනට සිදුවිය හැකි විපත් අනතුරු ගැන සිතන්නට ඇදුරකුට හැකියාව ඇති නිසාය.

කෙනකුට හූනියමක් හෝ කොඩිවිනයක් කර ඇතැයි දැනගත් පසුව හෝ තමාටම සිතුනු පසුව බොහෝ දෙනා කරන්නේ ඇදුරෙකු සොයාගොස් නූලක් දමා ගැනීම, දෙහි හෝ පුහුල් කපා ගැනීම හෝ තෙල් සාත්තුවක් කර ගැනීමය. ඇතැම් ඇදුරන් විනාඩි තිහකින් පමණ ඒ කාර්යය නිමකොට හොඳ මුදලක් ලබා ගන්නට සමත්වේ. එහෙත් නැවත නැවතත් ඒ කරදරය පවතින නිසා මුල් පුද්ගලයා මියයන තුරුම නැතහොත් ‘හරිහමං’ කෙනකු හමුවනතුරුම මුදල් වැය කරනු ලැබේ. අවුරුදු ගණනක් ඇදුරන් පසු පස යෑමම හූනියමක් බව සිතා ගන්නට ඔහුට ශක්තිය නැත. කෙනකු කී පමණින් ඔබට හූනියමක් හෝ කොඩිවිනයක් කර තිබේ යැයි නොසිතන්න. කොඩිවිනයක් හූනියමක් කරන්නට රුපියල් දහයකින් කළ නොහැක. ඒ සඳහාද විශාල මුදලක් වැය කළ යුතුව ඇත.

අප සිතන්නේ නූලක් පැන්නීමෙන්, දොරකඩ වැලි ස්වල්පයක් ඉසීමෙන්, ආහාරයට යමක් එකතු කිරීමෙන් මේ හූනියන් කොඩිවින කළ හැකිය සිතාය. එසේ කළ හැකි අවස්ථා ඇතත් නිවැරදිව මෙවැන්නක් කිරීමට බුද්ධිමත් ඇදුරන් පෙළඹෙන්නේ නැත. ඊට හේතු වන්නෙ යමෙකු කර දුන් කොඩිවිනයක් නිසා ඔවුනට සිදුවිය හැකි විපත් අනතුරු ගැන සිතන්නට ඇදුරකුට හැකියාව ඇති නිසාය. එසේ පමණක් නොව තමාට වඩා දක්ෂ ඇදුරකු විසින් ඒ කොඩිවිනය කපා හැරියහොත් තමාට සිදුවන හානිය විපත ගැන ඔහුද දන්නා නිසාය. අනුනට විපත් කරදර කරන්නට ගොස් තමාගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන්නට ඉඩ ඇති බව දන්නෝ දනිති.

මේ කොඩිවින, අනවින ආදිය කැපීම, සිදුකිරීම පිළිබඳ කථා කරනවාට වඩා කළ හැකි කොඩිවින, හදි හූනියන් කොතෙක් පවතීද? යන්න සුළුවෙන් හෝ දැනගැනීම වැදගත්. වර්තමානයේ කෙසේ වෙතත් අතීතයේ මේ දුසිරිත් ඕනෑ තරම් තිබුණි. එහෙත් වර්තමානයේ ඒවා අඩුය. ඊට හේතු දෙකක් වේ. එනම් ඒවා කරන්ට දන්න අය අඩුවීමයි. අනෙක දන්න අය වුවත් මිනිසුන් නිසා ඒවා නොකිරීමයි.

අනවින කොඩිවින හූනියන් කැපීමට බොහෝ ඇදුරන් යොදා ගන්නේ ජලනන්දන පිරිත වේ. නැතහොත් ? දැහැනයි. එහෙත් ඊට වඩා ප්‍රබල මන්ත්‍ර ඇත. රොඩී බන්ධන, හෝ හුලවාලි හෝ නීච කුල බන්ධන කැවීම් ඉතාම අපහසුය. ඒවාට මෙම යන්ත්‍ර මන්ත්‍ර ප්‍රමාණවත් නොවේ. ඒ නිසා අපි මදක් හෝ මේ අනවින කොඩිවින කොපමණ ඇතිදැයි දැනගනිමු. (මේ සාගරයෙන් දිය දෝතක් පමණි.)

‘කාලි වඩිග ශ්‍රී නාරායන අලගුව’ ට අනුව අනවින කොඩිවින ස්වල්පයක් පහත සඳහන් කළ හැකිය. කාලිවඩිග ශ්‍රී නාරායන අලගුව යනු මේ බන්ධන කැඩීමට  ගන්නා එක් මන්ත්‍රයකි.

ලේ අංගං – ආර්මික අංගං – වෙඩි අංගං උඩයකුන්ගේ අංගං – කොට යකුන්ගේ අංගං – උඩත්‍රිංග – සාදෙහස් සරඩිය සැත්තෑවන් අංගං

අන්ද සූනියං – මන්ද සූනියං, වන් මතුල සූනියං -බුලත් මතුල සුනියං – දුවන සූනියං පන්න සූනියං – භවන සූනියං – රාජ සූනියං – භූත සූනියං – අභූත සූනියං සාරදහස් සාරසිය ගණනාවක් සූනියං

මල් බන්ධන – තෙල් බන්ධන – මනුෂ්‍ය බන්ධන – අමුනුෂ්‍ය බන්ධන – වැලියට බන්ධන – මස්හිර බන්ධන උඩයන් බන්ධන – වටයත් බන්ධන – තොටයක් බන්ධන – දොටිවර බන්ධන – තට්ටු බන්ධන – පූට්ටු බන්ධන – හනුමා බන්ධන – අක්ෂර බන්ධන – ආකාර බන්ධන – ඊකාර බන්ධන – ඌකාර බන්ධන – ඒකාර බන්ධන – ඕකාර බන්ධන – හිර බන්ධන – සත්ටිසි නැකත් බන්ධන – ගිනි බන්ධන – ජල බන්ධන – ලේ බන්ධන

භූත පිල්ලි – අභූත පිල්ලි – දෙවර පිල්ලි – වඹර පිල්ලි – දහඅටක් පිල්ලි

මේවා සන්වාසි හෝ සාරදහස් ලෙස වර්ග කළ හැකිය. දැන් ඔබට අනවින කොඩිවින කොපමණ සංඛ්‍යාවක් ඇත්දැයි සිතා ගත හැකිය. ඉනා බෙහෙත් දීම හෝ වශී ගුරුකම් කිරීම පමණක් නොව වැලි මැතිරීම, වතුර මැතිරීම, ආහාර මැතිරීම, මිනී අළු මැතිරීම, දිවිතුරු මතුරා එවීම ආදී බොහෝ ආකාරයේ අනවින කොඩිවින කළ හැකිය. (කෙනෙකු මරා දැමීම මීට වඩා හොඳය. නිසියාකාරව මේවා කළහොත් අසනීපවීම, විවාහ ප්‍රමාදය, දරුඵල පමාව, ඉඩකඩම් නැති නාස්ති වී ගම රට දා යෑම, අඹු සැමි අරගල අධ්‍යාපනයට බාධවීම, රැකියා අහිමිවීම වැනි හෝ දේ විය හැකිය.

ප්‍රශ්නයක් ඇත්නම් පිළිතුරක්ද ඇත. ඕනෑම අමනයකු මෙවැනි අමන ක්‍රියාවක් කරන්නේ නම් හෝ කර ඇත්නම් ඒවා ඉවත් කිරීමේ ක්‍රමද මන්ත්‍ර ශාස්ත්‍රයේ දක්වා ඇත. යමෙකුට කරන්නට හැකි දේ මෙන්ම ඒවා වළක්වා ගන්නට මාර්ග ඇත. අතීතයේ හෙණරාජ තෛලය මතුරා සිරුරේ පැළඳ සිටියේ මේවායින් ආරක්ෂා වීමටය. අද ඒවා මතකයක් පමණි. බොහෝ විට මේ ආගමික කොඩිවින කරන්නේ දුර සිටින අය නොවේ. තමාගේම මිතුරන්ය. නෑදෑයන්ය. අසල්වැසියන්ය. ඒ නිසා තමාගේ ආරක්ෂාව තමාම සලසා ගන්නැයි පැරණි ජන නායකයකු පැවසූවාක් මෙන් මේ අතරින් කොඩිවින මඟහැර ආරක්ෂාවීම තම තමන්ගේ ගැළවීම සඳහා සුදුසුය.

දේශබන්දු පේරාදෙණියේ එස්. වීරරත්න
071- 4430179

advertistmentadvertistment
advertistmentadvertistment