කොරෝනා මඩින්න ජී. එම්. ඔ්. ඒ. සහාය දෙන්න බැරි වෙයි

370

HTML clipboard

රජයේ කොරෝනා මර්දනය වැඩපිළිවෙළ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දායකත්වය ඉතා සීමා සහිත වීම හේතුවෙන් එම මර්දන වැඩපිළිවෙළෙහි යම් ගැටලූ සහගත තත්වයන් නිර්මාණය වෙමින් පවතින බව ‘දිවයිනට’ වාර්තා වෙයි.

නෛතික තත්ත්වයක් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන්ට මෙම කොරෝනා මර්දන වැඩපිළිවෙළට ලබාදිය හැකි දායකත්වයන් සීමා සහිත වී ඇති අතර එහෙයින් රජය තීන්දු තීරණ ගන්නා රැුස්වීම් සඳහා නිල වශයෙන් සහභාගි වීම, සංගමයක් වශයෙන් අදහස් ප‍්‍රකාශ කිරීම හා කොරෝනා මර්දන වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට එම සංගමයට නොහැකි වී තිබේ.

රෝහල්හි සායන කටයුතු, වාට්ටු කටයුතු සඳහා වෛද්‍යවරුන් යොමු වීම සහ යොමුකිරීම් අර්බුදයට ගොස් ඇති බවත් මේ තත්ත්වය මත කොරෝනා මර්දන වැඩපිළිවෙළ ජාතික සහ ප‍්‍රාදේශීය මට්ටමෙන් දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතින බවත් කොරෝනා මර්දන වැඩපිළිවෙළට සම්බන්ධ නිලධාරියෙක් ‘දිවයිනට’ කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූකාරී තත්ත්වයක් මත වෛද්‍යවරුන් කිහිපදෙනකු මොරටුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළ වාරණ නියෝගයක් හේතුවෙන් එම සංගමයේ සාමාජිකයන්ට සංගමයක් වශයෙන් කිසිදු කටයුත්තකට සහභාගිවීමේ අවස්ථාව මග හැරී ඇත.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment