ජනපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය වෙනුවෙන් බෝධි පූජා පින්කම වජිරගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණියේදී

19

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊයේ (24දා) දිනට යෙදී තිබුණු ජන්ම දිනයට ආශිර්වාද පතා පැවැත්වූ බෝධි පූජාමය පින්කමක් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණිය, ඇත්කඳුර සිරිනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේදී පැවැත්විණි.

ඒ මහතාගේ ජන්ම දිනයේදී එතුමන්ට සහ රට ගොඩගැනීම වෙනුවෙන් එතුමා ගෙනයන වැඩපිළිවෙළට ආශිර්වාද පැතීම වෙනුවෙන් කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නුවන් සොමිරත්න මහතා සහ එම ප්‍රදේශවාසීන් විසින් මෙම බෝධි පූජාමය පින්කම සංවිධානය කර තිබුණි.

පැය 2කට ආසන්න වේලාවක් පැවැති මෙම බෝධි පූජාමය පින්කමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටීමද විශේෂත්වයක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment