ගතවූ පැය 24 ට නුවරඑළියෙන් 115 ක් පොසිටිව්

587

නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුළදී නව කොවිඞ් 19 ආසාදිතයන් 115 දෙනකු හමුවීමත් සමග දිස්ත‍්‍රික්කයේ සමස්ත කොවිඞ් 19 ආසාදිතයන් ගණන 9724 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරියකු පවසන ලදී.

 මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ ඉකුත් 18 දා ලැබුණු වාර්තා මත මෙම ආසාදිතයන් 115 දෙනා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, මස්කෙළිය, නුවරඑළිය, රාගල යන සෞඛ්‍ය වෛද්‍ය බල ප‍්‍රදේශවලින් හමුව ඇති බවත්ය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment