ග්‍රහලොව මනමාලි කම්කරුවාට පැරදේ…

4050

නිර්මාණවේදීන්ට, කලාකරුවන්ට යහපත් කාලයක්

ශනිගේ පරාජය සෞඛ්‍ය අංශයට ප්‍රභලවම බලපෑම් ඇති කරනු ලබයි. සෞඛ්‍ය ගැටලු යළිත් උත්සන්න වේ. රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට ලක්වන බවද පෙන්නුම් කරයි. විදෙස් රැකියාවල නියුතු කාන්තාවන්ට විශාල කරදරවලට මුහුණ පෑමට සිදුවන පුවත් ගැනද අසන්නට ලැබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීමද එම භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමද පෙනෙන්ට තිබේ.

සූර්ය මස මීන රවි දහතුන භාගයක් වූ චන්ද්‍ර මස මැදින් පුර දොළොස්වක තිථියලත් කිවිදින 2024/03/22 පෙරවරු 4.11 ට සිකුරු – ශනි අතර ග්‍රහ යුද්ධයෙන් සුකුමාල සිකුරු ජය හිමිකර ගනී. ග්‍රහ යුද්ධය සිදු වනුයේ කේතුට අයත් මා නැකත තුළය. මා නැකත වනාහි කාල වර්ණ පුල් ලිංග, සිවුපා, අධෝමුඛ තරු නමයකින් යුත් නැකතකි. මෙහි පළමු පාදය කුජට අයත්ය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රය තුළ මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ ලග්නගතවය. ඒ අනුව මහජන සෞඛ්‍ය පිළිබඳ අසුභ ආරංචි ඇති කරයි.

මේ මොහොත වන විට ධෘති කරණයත්, කුජ හෝරාවත්, ගුරු පංචම කාල හෝරාවත්, ගුරු සූක්ෂම කාල හෝරාවත් යෙදී තිබුණි. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් කුම්භ ලග්නයත් මකර නවාංශකයත් උදාව පවතී. මෙහිදී ලග්නගතව කුජ – ශනි – සිකුරු ද දෙවැන්නේ රවි – බුධ – රාහු ද තෙවැන්නේ ගුරු ද සත්වැන්නේ සඳු ද අටවැන්නේ කේතු ද විය. තත්කාල කේන්ද්‍රයේ ලග්නාධිපති 22 දෙර්කානාධිපති ට අයත්ව තිබීම මත පීඩිත ජනතාවගේ නැගී සිටීමක් ද පෙන්නුම් කරයි. එමෙන්ම කම්කරු උද්ඝෝෂණ ප්‍රභලව පෙනෙන්නට තිබේ. කෝලහාල, ගිනිබය, අවිආයුධ වලින් සිදුවන විපත් බහුලව සිදුවන කාලයකි. මහජනතාව අතර කලකිරීම් බහුල වන කාලයකි. රට තුළ දුෂිත ක්‍රියාවල වැඩිවීමක් ද පෙනේ.

සිකුරුගේ ජය ගැනීම හේතුකොටගෙන නිර්මාණවේදීන්ට, කලාකරුවන්ට යහපත්ය. ඔවුන්ට යම් යම් ආධාර ඇගයීම් පවා ලැබීමට ඉඩ පවතී. තත්කාල කේන්ද්‍රය තුළ සිකුරු පීඩාවීම මත කාන්තා හිංසන, ළමා අපචාර බහුලව අසන්නට ලැබෙන කාලයක් වේ.

එමෙන්ම ශනිගේ පරාජය සෞඛ්‍ය අංශයට ප්‍රභලවම බලපෑම් ඇති කරනු ලබයි. සෞඛ්‍ය ගැටලු යළිත් උත්සන්න වේ. රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතා වන බවද පෙන්නුම් කරයි. විදෙස් රැකියාවල නියුතු කාන්තාවන්ට විශාල කරදරවලට මුහුණ පෑමට සිදුවන පුවත් ගැනද අසන්නට ලැබේ. අතවශ්‍ය භාණ්ඩ හිඟ වීමද එම භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම්ද පෙනෙන්ට තිබේ.

මාර්තු 25 තෙක් බුධ නීච වීම තුළ විපක්ෂයේ සමහර පක්ෂ ඇතුළේ ගැටලු පැන නැගේ. ප්‍රභල පාතාල නායකයන් නීතියේ රැහැනට ලක්වන කාලයක් ද වේ.

කෙසේ හෝ මහජනතාව දැහැමින් ආගම දහමට මුල්තැන දෙමින් එදිනෙදා කටයුතු කිරීමෙන් වරින් වර මතුවන බාධක වලින් මිදී සහනය සලසා ගත හැකිය.

ග්‍රහලොව මනමාලි කම්කරුවාට පැරදේ…

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ. තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment