ගිරාගේ දුව රැජිනට ඇන්දේ ඇයි? මහත්තය මෝඩ ගයනි කියලා විහිළු කරනවා – අමන්ද්‍යා උත්පලී

563

ගයනි වගේ කොල්ලන්ට රැවටෙන්නෙ නෑ

නාඩගම්කාරයෝ හරහා පසුගිය කාලයේ දකින්නට ලැබුණු ගිරිරාජ් කෞෂල්‍යගේ දුව මේ දිනවල අපට මුණගැහෙන්නේ KEY ටෙලි නාට්‍යයේ ගයනි ලෙසිනි. නමින් අමන්iා උත්පලී වන ඇය මේ වෙද්දී රංගනයට අමතරව ගායනයෙන්ද අලුත් පියවරක් තබන්න උත්සාහ කරනවා. මේ පාර ගිරාගේ දුව අමන්ද්‍යා මොකක්ද මේ කරන්න හදන්නේ. කියවලා බලන්නකෝ ඒ කතාව මොකක්ද කියලා.

අමන්ද්‍යා, ගයනි ගැන ප්‍රේක්‍ෂකයො මොනවද කියන්නේ?

දැනට නම් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මගේ පවුලේ අයගෙන්. අපේ තාත්තා එහෙම චරිතය හරියට රසවිඳිනවා. මේ චරිතය හරහා මිනිස්සු මාව වෙනදාට වැඩිය දැනගෙන තියෙනවා.

ගිරාගේ දුව රැජිනට ඇන්දේ ඇයි? මහත්තය මෝඩ ගයනි කියලා විහිළු කරනවා - අමන්ද්‍යා උත්පලී

ඩීජේ ලසා ගයනිට ඇත්තටම ආදරය කරනවාද?

දැනට නම් කතාව යන හැටියට ඩීජේ ලසා පොඩි උප්පරවැට්ටියක් තමයි කරලා තියෙන්නේ. මිහේලි ගැන තොරතුරු දැනගන්න ගයනිව ලංකරගෙන ඉන්නවා. ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු.

අමන්ද්‍යාට ගයනිව මුණගැහෙන්නෙ කොහොමද?

මේ චරිතයට මට මුලින්ම ආරාධනා කරන්නේ ශිවගුරුනාදන් මහත්මයා. ශිවා අංකල්ගේ නාට්‍යයක රඟපාන්න ලැබෙනවා කියන්නේ ලෙහෙසියෙන් ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඉතිං මම ඒක භාර ගත්තා.

සැබෑ ජීවිතයේ අමන්ද්‍යා ගයනි වගේ නෙමෙයිද?

අපොයි නැහැ.

කොල්ලන්ට රැවටෙන්නේ නැහැ?

කීයටවත් නැහැ.

මහත්තය එහෙම ගයනි ගැන මොනවද කියන්නේ?

එයා ඇත්තටම විහිළුවට මෝඩ ගයනි කියලත් කියනවා. හරිම මෝඩ චරිතයක් කියලත් මට විහිළු කරනවා. හැබැයි හැමෝම හරිම විනෝදයෙන් බලනවා.

තාත්තා මොනවද කියන්නේ?

ගිරාගේ දුව රැජිනට ඇන්දේ ඇයි? මහත්තය මෝඩ ගයනි කියලා විහිළු කරනවා - අමන්ද්‍යා උත්පලී

හැමදාම නාට්‍ය ඉවර වුණාම මම පළමු වැනි කෝල් එක ගන්නේ තාත්තාට. කොහොමද කියලත් අහනවා.

නාඩගම්කාරයෝ එකේ ඉඳලා මම ඒක කරනවා. මුල් කාලයේ ඉඳලා තාත්තා මට හොඳ විචාරයක් දුන්නා. තාත්තාගෙන් තමයි මම රඟපෑම ගැන ඉගෙන ගත්තේ. එයා සතුටු වෙනවා මගේ රංගනයට.

තාත්තා දුවට සිංදුවක් ලිව්වා කියලත් ආරංචියි?

ඔව්. තාත්තා මට ලිව්ව ගීතය මම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ජනවාරි 22 වැනිදා. ගීතයේ නම ‘රැජිනට ඇන්දා. කියලා නම් කළේ. මේ ගීතය තාත්තා ලියල තියෙන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. මේක ආපහු ගීතයක් විදිහට කරළියට එන්නේ ශිවා අංකල්ගේ මැදිහත්වීම මතයි.

තනුව කාගෙද?

තනු නිර්මාණය භාරදුන්නේ සහන් රන්වල මහත්මයාට. මගේ ගුරුවරයා එතුමා. තනුව නිර්මාණය කරලා දුන්නාට පස්සේ සංගීත සංයෝජනය සඳහා කාවද තෝරාගන්නේ කියලා හිත හිතා ඉන්නකොට අපි හැමෝටම අදහසක් ආවා සංගීත් වික්‍රමසිංහ අංකල්ට මේක භාරදෙමු කියලා. මේක ටිකක් වෙනස් ආරකට යන ගීතයක්. දැනට ඇහෙන විදිහේ එකක් නෙමෙයි.

තාත්තා ‘රැජිනට ඇන්දා. ලිව්වේ දුවටද?

නැහැ… නැහැ… තාත්තාගේ ආච්චි” තාත්තා පොඩි කාලේ ඉඳලා රඟපාපු කෙනෙක්. ‘අම්මා. කියන චිත්‍රපටයේ තාත්තාගේ ආච්චි රඟපාලා තියෙනවා. තාත්තා ආච්චිව දැකලා තියෙන ආකාරය අනුව තමයි මේ ගීතය ලියලා තියෙන්නේ.

මියුසික් වීඩියෝ එකක් එහෙමත් කළා?

ඔව් කළා. තාත්තයි ශිවා අංකලුයි තමයි ගීතයේ මියුසික් වීඩියෝ එක කළේ. තාත්තාගේ අධ්‍යක්‍ෂණයට නතු වෙන්නේ මේ පළමුවැනි අවස්ථාව නෙමෙයි. තාත්තා අධ්‍යක්‍ෂණය කරපු ‘කතුරු මිතුරු. චිත්‍රපටයේ පොඩි කොටසක් කරන්න මටත් හැකියාවක් ලැබුණා.

ගිරාගේ දුව රැජිනට ඇන්දේ ඇයි? මහත්තය මෝඩ ගයනි කියලා විහිළු කරනවා - අමන්ද්‍යා උත්පලී

කාගෙද අදහස?

ඇත්තටම ශිවා අංකල්” තාත්තා සහ සහන් රන්වල සර්ගේ අදහස්වල එකතුවක් විදිහට බිහිවෙච්ච රූප රචනාවක්. රූප රචනාවත් ගීතයේ විදිහටම වෙනස් ආරකට කරලා තියෙන්නේ. ජනවාරි 22 වැනිදා හැමෝටම බලන්න පුළුවන් වේවි. මම රන්වල බළකායේ සාමාජිකාවක් විදිහට වැඩකරන හින්දා රූපරචනාවේ සෙසු චරිතවලට රන්වල බළකායේ මගේ යාළු මිත්‍රයන් තමයි යොදා ගත්තේ.

අමන්දා තවමත් රන්වල බළකායේ සාමාජිකාවක්ද?

2011 වසරේ ඉඳලා ‘රන්වල බළකායේ. සාමාජිකාවක් විදිහට කටයුතු කරනවා. මේ ආපු හැම ශිල්පියෙක්ම මූල්‍ය පරමාර්ථයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මට උදව් කළේ. හේමන්ත ඊරියගම මාමා” ප්‍රියන්ත සෙනවිරත්න මාමා” සංගීත් මල්ලි” සචින් චතුරංග වගේ ප්‍රසිද්ධ චරිත කිහිපයකුත් මගේ වැඩේට සම්බන්ධ වුණා.

හදිසියේම සින්දුවක් කරන්න හිතුවේ?

තාත්තයි අම්මයි කැමතියි මම ගායිකාවක් වෙනවාට. කුඩා කාලයේ ඉඳලා මගේ හැකියාවත් තිබුණේ ගායනයට. මම මේ වෙනකොට විශාරද විභාගයත් සමත් වෙලා ඉන්නේ. මම උසස් පෙළ හැදෑරුවෙත් සංගීතය විෂයෙන්. මගේ පළමුවැනි සංගීත ගුරුවරිය මාලනී බුලත්සිංහල මහත්මිය. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා තමයි මියුසික් ක්ලාස් යන්නේ. සංගීතය කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්.

සංගීත පන්තිවල වැඩකටයුතු එහෙම කොහොමද?

මේතාක් මම ඔන්ලයින් තාක්‍ෂණය හරහා තමයි සංගීත පංති පවත්වාගෙන ගියේ. නමුත් මේ අලුත් අවුරුද්දේ අලුතෙන්ම සංගීත ආශ්‍රමයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා.

‘නොනිමි. ටෙලි නාට්‍යයටත් ආරාධනාවක් ලැබුණාලු නේද?

සුරාජ් මාපා මට මෑතකදී තමයි ඒ නාට්‍යයට ආරාධනා කළේ. 2023 පළමු දවසේම මම ‘නොනිමි. නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. සංගීත ගුරුවරියකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ” මට හුරුපුරුදු චරිතයක්. නීතියට වැඩකරන ගුරුවරියකගේ චරිතයක් තමයි සුරාජ් අයියට ඕනෑ වුණේ. තවම දර්ශන කිහිපයයි රූගත කිරීම් සිදුකළේ.

තාත්තාගේ අසනීප තත්ත්වය එහෙම කොහොමද?

තාත්තාට ප්‍රතිකාර කරන්න පටන් අරගෙන මේ වෙනකොට අවුරුද්දක් වෙනවා. කලින් හිටියට වඩා ඉතාම හොඳ මට්ටමක තමයි තාත්තාගේ සෞඛ්‍ය තත්ත්වය තියෙන්නේ. නමුත් තවම ප්‍රතිකාර ඉවර නැහැ. හිටියට වඩා ඉතාම හොඳ තැනක ඉන්නවා. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකින් තාත්තාව දකින්න පුළුවන් වේවි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment