ගෙවිය යුතු බදු පිළිබඳව නිවැරදිව දැනගන්න DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

117

DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ.

ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය ඉතාමත් ඉක්මනින් ගණනය කළ හැක. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නවතම පෞද්ගලික ආදායම් බදු ප්‍රතිපත්ති සම්බන්ධ දත්ත ඇතුළත් කර මෙම ගණකය යාවත්කාලීන කර තිබේ.

“ඩිජිටල් තාක්ෂණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවා අවශ්‍යතා සඳහා නවෝත්පාදන හඳුන්වාදෙන බැංකුවක් වශයෙන්, පෞද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් රජය මෑතකදී හඳුන්වා දුන් නියමයන්ට අනුකූලව අපගේ බදු ගණකය යාවත්කාලීන කිරීමට අප වහාම පියවර ගත්තා. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සරල කරන විසඳුමක් වේවි. එමෙන්ම එය අපගේ මූල්‍ය සේවාවන්ට අතිරේක අගයක් එකතු කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා. අප උත්සාහ කරන්න කාටත් විවෘත මූල්‍ය සේවාවන් එකතුවක් නිර්මාණය කිරීමට නිසා, මෙම ගණකය ඕනෑම කෙනෙකුට අපගේ වෙබ් අඩවිය හරහා නොමිලේ භාවිතා කිරීමට පුළුවන්. එය DFCC ගනුදෙනුකරුවන්ට පමණක් සීමා වන්නේ නැහැ.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ සහ ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment