චීන රජයෙන් ජීවිතාරක්ෂක ඖෂධ

65


චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස චීන සමූහාණ්ඩුව මගින් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන එනැක්සපරීන් එන්නත් 512,640 ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් මෙරටට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැන්හොන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී අදාළ පරිත්‍යාග තොගය ලබාදීම සිදු කෙරිණි.
මෙම අත්‍යවශ්‍ය ඖෂධ එන්නත් තොගය කිලෝග්‍රෑම් 4250 ක බරකින් යුක්තය. ඇමරිකානු ඩොලර් මිලියන 28 ක වටිනාකමකින් යුතුය. චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස එම ආධාර තොගය මෙරටට ලැබිණි.මෙම මානුෂීය ආධාර ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් වන අතර, ඉන් මිලියන 28 ක් ආධාර වශයෙන්ද, මිලියන 48 ක් ණය ආධාර වශයෙන්ද ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment