ජනපති අතින් පත්වීම ලබයි

107

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස පත්කෙරුණු අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (15 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. ප‍්‍රවීණ වරලත් ගණකාධිකාරිවරයකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය ද හොබවා ඇත. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment