ජනපති හා බ්‍රි‍තාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

160

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට බ්‍රි‍තාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අතර ඊයේ (28 දා) විශේෂ හමුවක් පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ ක්‍රියාවලිය, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා වූ බව ට්විටර් සටහනක් තබමින් බ්‍රි‍තාන්‍ය මහ කොමසාරිස්වරිය කියා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය කියා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment