ජනපති හිගාකෑ හැටි පවසයි

533

දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.එමෙන්ම ඉතා අසීරුවෙන් ගෙවා දැමූ 2022 යුගයට නැවත ගමන් කිරීමට කිසිවෙකුත් කැමැති නැති බවද ජනාධිපතිවරයා සදහන් කළේය.කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අද පෙරවරුවේ පැවැත් වූ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,”2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඉන්ධන පිරවුම්හල ළඟ පෝලිම් තිබුනා . විදුලිබලය තිබුණේ නෑ. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. මෙම කාලයේදී මම ජාත්‍යන්තරය ඉදිරියට ගොස් දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුව හිගා කෑවා.

advertistmentadvertistment
advertistmentadvertistment