ජල්ලිකට්ටු පවත්වයි

168

දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ජල්ලිකට්ටු තමිල්නාඩුව හැර වෙනත් රටක පැවැත්වෙන පළමු අවස්ථාව සනිටුහන් කරමින් ත්‍රිකුණාමල සාම්පූර්හිදී පසුගිය 06 වැනිදා එම තරග පැවැත්විණි. තමිල්නාඩු ජල්ලිකට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ ජල්ලිකට්ටු එම තරග සංවිධානය කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩටුක් ශ්‍රී මුරුගන්, රංගන ශිල්පී නන්දා, විශේෂ ආරාධිතයන් ලෙස ඔන්ඩිරාජ්, ජල්ලිකට්ටු සංරක්ෂණ සංගමයේ ලේකම් රාජා ද සහභාගි වූ අතර ඉන්දියාව ඇතුළු රටවල් රැසක ආරාධිතයෝ ද සහභාගි වූහ.

ජල්ලිකට්ටු පවත්වයි

ත්‍රිකුණාමලය – සමන් මල්ලවාඅරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment