ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිනිය හෙට දිවයිනට

109

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය දින 05ක සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණේ.ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ මෙරට ශාඛාවේ සභාපති නීතිඥ ෂනිල් ප්‍රනාන්දු මහතා පවසයි. ගාර්සා මහත්මිය එම මණ්ඩලයට පත්වූ පළමු සභාපතිනිය ද වන්නීය.මෙම මස 22 වැනිදා දක්වා මෙරට රැදී සිටින ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ද පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ද හමුවීමට නියමිතය.ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ ශාඛාවන් රටවල් 170ක පිහිටා ඇත.එහි සාමාජිකයින් කෝටි 4.5ක් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment