තුර්කි ගල්අඟුරු ආකරයක පිපිරීමකින්  41 ක් මරුට – 79 ක් අඩි 1100ක් යට සිරවෙති

248

තුර්කියේ ගල්අඟුරු ආකරයක සිදු වූ පිපිරීමකින් 41 ක් මරුමුවට පත් වී ඇත. තවත් ආකර කම්කරුවන් 79 ක් අඩි 1100 ක් යට සිරවී සිටින බව වාර්තා වේ. කම්කරුවන් රැසක් මියගොස් ඇත්තේ මිතෙන් වායුවට ගොදුරු වීමෙන් බව වාර්තා වේ.

 ආකර කම්කරුවන් 28 ක් බේරාගෙන ඇත. සිද්ධිය සැලවූ විගස තුර්කි ජනපති රේසප් ආකරය ඇති ස්ථානයට පැමිණ තොරතුරු පරීක්ෂා කර ඇත.

 තුර්කියේ අම්සාරා නගරයේ පැවති විශාලතම ආකරය මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment