දින 6කට පසු චීන නැව ආපසු යයි

135

ඉන්දීය විරෝධතා මධ්‍යයේ මෙරටට පැමිණ තිබූ යෑන්ග් වෑන්ග් 5 චීන පර්යේෂණ නෞකාව දින 6කට පසු ඊයේ (22 දා) නැවත චීනය බලා පිටත්ව ගොස් තිබේ.

චීන නෞකාව ඊයේ සවස මෙරටින් පිටත්ව යන බව දැනුම් දුන් බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පැවසීය. මෙම නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණ තිබුණි. එය පසුගිය 12 දා හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම් කර තිබුණත් මෙම නැව ඔත්තු බලන නෞකාවක් බවට ඉන්දියාව චෝදනා කිරීම නිසා නැව මෙරටට පැමිණීම දින හතරක් ප්‍රමාද විය. එම චීන නැව මෙරටට පැමිණ තිබුණේ නැවේ කාර්ය මණ්ඩලයට පහසුකම් ලබාගැනීමට සහ නැවට ඉන්ධන සපයා ගැනීමට බවට ද වාර්තාවී තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment