දීපාවලී දා එළියට ආ ටයිගර් 3

115

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සල්මන් ඛාන් රංගනයෙන් එක්වන ටයිගර් 3 චිත්‍රපටය නිකුත්වීමට පෙර කෝටි 12 ක් උපයා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

චිත්‍රපටය නිකුත්වීමට දින දෙකක් ඉතිරිව තිබියදීම ඉන්දීය රුපියල් කෝටි 12.4 ක ටිකට්පත් අලෙවි වී තිබේ.

ටයිගර් 3 නිෂ්පාදනය සඳහා ඉන්දීය රුපියල් බිලියන තුනක මුදලක් වැයකර ඇති අතර පසුගිය දිපාවලී දිනය දා චිත්‍රපටය තිරගතවීම ආරම්භ විය.

සල්මන් ඛාන්, කත්‍රීනා කයිෆ්, එම්රාන් හෂීම්, රිද්දි ඩොග්රා, ඩිශාල් ජෙත්වා මේ සඳහා රංගනයෙන් දායක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment