නඩු දෙකකින් සරණ නිදහස්

392

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එනම් 2007-2008 වසරවල දී එම මණ්ඩලයට වාහන කුලී පදනම මත ලබාගැනීමේ දී රුපියල් ලක්‍ෂ 28ක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

එකී නඩු පැවරීම නීති විරෝධී බව පෙන්වා දෙමින් විත්තිය ඉදිරිපත් කොට තිබූ මූලික විරෝධතාවක් පිළිගත් විනිසුරුවරයා එම නියෝගය කළේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ගයාන් රාජසේකර මහතා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා පැමිණිල්ල නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment