නත්තල් අතිරේකය – නැවුම් මැවිල්ලක් ලෙස ජනිත වන මෙවර නත්තල

82

නත්තල සර්ව භෞමිකයි, විශ්වීයයි. එහි මිහිරියාව සර්වකාලීනයි. ඒ සාමය, ශාන්තිය (shalom) විමුක්තියේ අඬහැරයයි. ගැලවීමේ සුපුවත එදා දානය කරනු ලැබුවේ සමාජයේ හිස උදුම්මවාගත් ප්‍රභූන්ට නොව, නූගත්, අසරණ, පරිධිගත බාලයින්ටයි. උගතුන් වියතුන්, ශ්‍රාස්ත්‍රවන්තයින්ට ද සැලවිය. සුසිත් දනන්හට එය මහත් ආලෝකයක් ද ජීවන හසුනක් ද විය.

අඳුරින් එළියට, පවින් මිදෙන නත්තලක්, අනෙකා වෙත ප්‍රීතිය සතුට රැගෙන යන, කිතු උපත.

නත්තල් අතිරේකය - නැවුම් මැවිල්ලක් ලෙස ජනිත වන මෙවර නත්තල

“අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. ගණඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළන්නේය. ඉමහත් ප්‍රීතියෙන් ඔබ ඔවුන්ට දුන් සේක… ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක… අස්වැන්න කපන කාලයෙහි…. ඔවුහු ප්‍රීති ප්‍රමෝද වෙති… ඔවුන්ට බරක් වූ වියගහ ද කරමත තැබූ වියදණ්ඩ ද ඔබ කඩා දැමූ සේක….” (යෙසායා 9:2-7)

මහා මන්දිරයෙහි නැති සතුට සාමය අතු පැල්පතේ ඇති බව පසක් කරුණකි.

“ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින් උන්වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න. ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේමකොට මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන් ඔබත් ප්‍රේමයෙන් ජීවත්වන… නිදා සිටින ඔබ අවදිවන්න. මරණින් නැඟිටින්න. එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක එබැවින් ඔබ ජීවත්වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. කාලය නපුරු බැවින් ඇති හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය ගන්න. අනුවණයන් නොවී සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම් ගන්න..”

(එපීස 5 පරිච්ඡේදය)

2025 ජගත් කිතුනු සංගමන සභා අවතීර්ණයට අප කුළුපඟ වියයුතුය. ක්‍රිස්තුන් ආගමනය, සංගමනය වියයුතුව ඇත. අපි දුප්පත් වැසියන් නොවෙමු. තනිව ‘ගැලවීමක් ද කැඳවීමක් ද’ නැත. ගැලවී තනිපංගලමේ ගමනක් නොව, සැම සමග කැටුව එක්ව පියවර තැබීමකි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පියාණෝ පවසන පරිදි, කිතුනු කැඳවීම මෙහෙවර සඳහා ය. එය දිගු හෝ කෙටි නිවාඩුවක් නොවේ. Christian life is a vocation (to mission -work) not a vacation. දිනපතා මෙම ගැලවීමේ මෙහෙවර අප දියත් කළ යුතුව ඇත. එය තෘණමූල මට්ටමින් ඉපදිය යුතුය. පවුල තුළ, පවුල් අතර, අසල්වාසීන් තුළ සභාව, සමාජය තුළ අඩදබර, භේදභින්නතා, ආරවුල්, සණ්ඩු කෝලාහල පිරි ලොවට නත්තලේ සාමය සංහිඳියාව, යුක්තිය හා සාධාරණත්වය පසිඳලන ලෙස උදක්ම යාතිකා කරමු.

නත්තල සමරා… සමරා, එය යසට මරා අයවර කළ යුතු නොවේ. නත්තල වසරේ දින 365ක් පුරා ජීවත් කළ යුතුවේ.

බඩගෝස්තරවාදය නිමා කර සමාජයෙන් කොන් කරන ලද, පරිධිගත (Those who are in periphery) බඩසාවූවන් සමග බෙදා ගැනීමේ, සහජීවනයේ මංගල්‍යයක් ලෙස නත්තල ජීවමාන අත්දැකීමක් බවට පත් කරගත යුතුව ඇත. නත්තලේ මිහිරියාව, අසිරිමත් සංහිඳියාව ජීවත් කරවීමට අප හැම පෙළගැසිය යුතුය. නත්තලේ ධර්මතාව, නැවුම් ආධ්‍යාත්මය 2024 වෙත ගෙන යා යුත්තේ අපිමයි. මෙවර නත්තල සර්වපිත්තලයෙන් දුරස්වූ නත්තලක් වෙනවාට නො අනුමානයි. මිනිසාගේ නැතිබැරිකම, ආර්ථික හෝදාපාළුව තුළ වාණිජ වූ නත්තල් අපෙන් බැහැර වී ඇත. ඒ වෙනුවට නත්තලේ යථාර්ථය ආකල්පමය වෙනසකින්, හදවත් මාරුවකින්, ජේසු බිලිඳා අප හද ගවලෙනෙහි, ‘හද ලෙනෙහි’ ඉපදිය යුතු නත්තලක් ප්‍රාර්ථනා කරමු. නත්තලේ සර්ව භෞමික, විශ්වීය දහම එනම්, ජීවමාන නත්තල් ගුණධර්ම 2024ට රැගෙන යමු. අත්වැල් බැඳගෙන එකාමෙන් උනුන් පරයා නොව, උනුන් හා නත්තල මගේම සහෝදර සහෝදරියන්ගේ දුක කඳුළ වියැකී, සිනහව මුසුවන, පවුකාරයන් තම අසැබිකම් ඇබ්බැහිවීමෙන් මිදී, ඒ ක්‍රිස්තුන් වහන්සේගේ ගැලවීම අත්දකින මිනිසුන් ගැහැනුන් සාමකාමීව, යුද කෝලහල, වෛරය, ක්‍රෝධය නිම කර, සුචරිතවත් දැහැමියාවන් පුරණ, මිනිසුන්, ගැහැනුන්, ළමා ළපටීන්, තරුණ තරුණියන් සීල සමාධියෙන් දන්පින් පුරන, සැබෑ මනුෂ්‍යත්වයේ හා දේවත්වයේ නත්තලට අඩිතාලම යොදමු.

හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි දෙවියන් වහන්සේ ගේ නිර්දෝෂ, අහිංසක දරුවන් වන්න. අඳුරු ලෝකයට දීප්තිමත් දිදුලන තාරකාවන් මෙන් ආලෝකය බබළවන්න. එවිට අප දිවීම නිෂ්ඵල වීර්යයක් නොවේ. ඔබගේ ඇදහිල්ල නමැති පූාවත් මෙවෙර සේවාවත් පූජාවක් ලෙස ප්‍රීති සංතෝෂයෙන් ඔප්පු කරන්න.

(පිලිප්ලි 2:12-18)

“අප ගැලවීමේ සාක්ෂාත් වන්නේ, අන් අයට ගැලවීමේ මාර්ගය වෙත අවතීර්ණ කිරීමෙනි.”

”We are saved by paving others to the way of salvâtion”
ශුද්ධ වූ ජෝන් ක්‍රිෂොස්ටම් මුනි පියතුමා

මගේ නත්තල දුගියා බත් කනදාය
මගේ නත්තල වැරහැලි නැති වනදාය
මගේ නත්තල ඔබේ දුක නැති වනදාය
මගේ නත්තල පව පල්ලියෙ යනදාය…

ස්වර්ගස්ථ වී වදාළ පූජ්‍ය මර්සලින් නි.ම.නි. පියතුමා.

“යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරැණි දේ පහව ගොස් ඇත. දැන් සියල්ල අලුත්වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොට ගෙන දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමගි කරමින් සිටි බවත්, ඒ සමගි කිරීමේ සේවය අපට භාර දුන් බවත්ය”

(2 කොරින්ති 5:17- 19)

කොළඹ අගරදගුරු පදවි
මරිය හමුදා අදියුරු ශාස්ත්‍රපති
රොනී පොන්සියස් පෙරේරා පියතුමා

advertistmentadvertistment
advertistmentadvertistment