නාකොටික් වැටලීමේදී වූ පහර කෑමකින් තරුණයකු මරුට

409

පොලිස් නාකොටික් අංශය මගින් නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් තරුණයකු පහර දීමට ලක්ව ඊයේ (11දා) ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මියගිය තරුණයා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරන්නකු බව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ. වැටලීමක් සිදු කරන අවස්ථාවේ තරුණයා හා නාකොටික් නිලධාරීන් අතර වූ ගැටුමේදී තරුණයා කළ පහර දීමකින් පොලිස් නිලධාරියකු ද තුවාල ලැබූ අතර ඔහු ද ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය තරුණයා සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් ද හමුවී තිබේ. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මියගිය අය 35 හැවිරිදි අයෙකි. කොළඹ අපරාධ කොට්ඨාශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment