පවුම් ලක්ෂයක වටිනාකමකින්  වනිඳු ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලියට….

456

එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ‍්‍රඞ්’ කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවේ සුපිරි දඟපන්දු යවන කී‍්‍රඩක වනිදු හසරංග පවුම් 100000කට මිලදී ගෙන තිබේ. එ් මැන්චෙස්ටර් ඔර්ජිනල් කණ්ඩායම වෙනුවෙනි.

 ද හන්ඩ‍්‍රඞ් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය පසුගිය 05 වැනිදා පැවැති අතර එහිදී වනිදු හසරංග පවුම් 50000 කාණ්ඩය යටතේ කෙටුම්පත් කරණය කර තිබුණද ඔහුව පවුම් 100000කට මිලදී ගැනීමට මැන්චෙස්ටර් ඔර්ජිනල් කණ්ඩායමේ හිමිකාරිත්වය කටයුතු කළේය.

 ද හන්ඩ‍්‍රඞ් කි‍්‍රකට් තරගාවලිය දෙවැනි අදියර ලෙසින් කි‍්‍රයාත්මක වන මෙවර තරගාවලියේ කී‍්‍රඩක කෙටුම්පත්කරණය සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන් 22 දෙනකුගේ නම් ඇතුළත්ව තිබුණද වනිදු හසරංග පමණක් තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.

 තරගාවලිය ලබන අගෝස්තු මස 03 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment