පාතාලයෝ 4ක් දැලේ – මාකඳුරේ මධුෂ්ලාගේ අලබෝලෙත් මාට්ටු

122

මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයන් සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ මාතර කොටවිල පොලිසිය මගින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය, බොරැල්ල, මාලිගාවත්ත සහ කොටහේන ප්‍රදේශවල කළ වැටලීම්වලදී කොළඹ පාතාලයේ ප්‍රබල නායකයන් තිදෙනකුගේ කල්ලිවල ක්‍රියාකාරී සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත දිනුකගේ කල්ලියේ ප්‍රබලයකු හෙරොයින් ද සමග බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ, නිලධාරීන් විසින් මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ කළ වැටලීමකදී කංජිපානි ඉම්රාන්ගේ කල්ලියේ සාමාජිකයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කජීම්වත්ත ක්‍රීඩාංගණය අසලදී පූකුඩිකන්නා නැමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයකු හෙරොයින් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මාතර කොටවිල පොලිසිය, කඹුරුගමුව ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ සිටි ප්‍රබලයකු වන අලබෝලේ නමැති අපරාධකරු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය පැහැරහැරීම නිසා වරෙන්තු ලබා සිටි අයෙකි. සැකකරු මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment