පාර්ලිමේන්තු කතාවලට නඩු දමන්න බෑ – සජිත්ගේ ප්‍රශ්නයට කථානායකගෙන් උත්තරයක්

262

එහෙම උසාවි යන අය වරප්‍රසාද කමිටුවට කැඳවිය හැකියි – කිරිඇල්ල

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශවලට එරෙහිව නඩු කටයුත්තක් පැවරීම ‘සම්පූර්ණ වැරදි ක්‍රියාවක්’ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) සඳහන් කළේය.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ නිදහස පවතින බව ද ඒවාට එරෙහිව යම් අධිකරණයක අභියෝගයකට ලක්කිරීමට ‘පැහැදිලිවම නොහැකියි’ යැයිද හෙතෙම කීය.

පාර්ලිමේන්තු කතාවලට නඩු දමන්න බෑ - සජිත්ගේ ප්‍රශ්නයට කථානායකගෙන් උත්තරයක්

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි කියමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබීම සම්බන්ධයෙන් මතය ප්‍රකාශ කරන ලෙස විපක්‍ෂ නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායක මේ බව කියා සිටියේය.

උසාවිය ඒ ගැන පරීක්‍ෂා කරලා සුදුසු තීරණයක් දෙයි කියලා මම විශ්වාස කරනවා. මේක සම්පූර්ණ වැරදි වැඩක්. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙනවා යැයි කතානායක සඳහන් කළේය.

ඊට අමතරව පාර්ලිමේන්තුව තුළදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් එම තැනැත්තා හෝ තැනැත්තියට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ බලය තිබෙන බවට වරප්‍රසාද පනතේ පැහැදිලිව සඳහන් කර ඇතැයි එහිදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment