පාසල් ඇරඹූ පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ – ස්ටාලින් කියයි

154

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප රුපියල් 20,000 කින් වැඩි කිරීම සහ පාසල් දරු දැරියන්ගේ දෙමාපියන්ට අනවශ්‍ය විදිහට අධ්‍යාපන වියදම් බර පැටවීමට එරෙහිව ඇතුළු ගැටලු රැසකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් මීළඟ පාසල් වාරය ආරම්භ කළ පසු දෙමාපියන් සමග දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පාසල්වල විදුලි බිල ගෙවීමේ බර ද වක්‍රාකාරව පාසල් සංවර්ධන සමිතිය හරහා වත්මන් රජය දෙමාපියන් පිට පටවා ඇතැයි ද හෙතෙම කීය.

ගුරු විදුහල්පති වැටුප රුපියල් 20,000 දක්වා වැඩිකරන ලෙසට අවස්ථා කීපයකදීම රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ ගැන ඇහුම්කන් නොදෙමින් රජය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

පාසල් දරුවන්ගේ පාසල් අභ්‍යාස පොත්, සපත්තු, ඇතුළු අධ්‍යාපනික උපකරණ මිල ද දරාගත හැකි අයුරින් ඉහළ නංවා ඇති මොහොතක රජය පාසල්වල විදුලි බිල ගෙවා ගැනීමට වක්‍රාකාරව දෙමාපියන්ට අනවශ්‍ය බරක් පැටවීම ඉතා අසාධාරණ බවත් හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment