පැරෑලියේ සුනාමි සැමරුම…

115

සුනාමියෙන් මියගිය පිරිස සිහිකරමින් සැමරුම් වැඩසටහනක් ඊයේ (26දා) උදෑසන හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්විණි. එම අවස්ථාවට මියගිය අයගේ පවුල්වල පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී සුදන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සුනාමියෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කළ අතර විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි. පැමිණ සිටි සියලු දෙනා සහ මියගිය සහ අතුරුදන් වූ අයගේ පවුල්වල සාමාජිකයන් ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා ඔවුන් සිහිපත් කිරීම ද සිදු කෙරිණි.

සුනාමි 18 වන සැමරුම මඩකලපුවේදී

පැරෑලියේ සුනාමි සැමරුම…

සුනාමි ඛේදවාචකයට වසර 18 ක් සපිරෙන අද දින භක්ති පූර්කව මඩකලපුව දිස්ත්‍රික්කයේ සමරන ලදී.

1800 ක් ජීවිත බිලිවූ තිරුච්චේන්දුර් නාවලදී ඩච්බාර් (ලන්දේසි) යනාදී මුහුදුබඩ ප්‍රදේශයන්වල ඉදිකර ඇති සුනාමි ස්මාරකයන්වල මියගිය අයගේ ජායාරූප තබා කඳුළු සලමින් ඥාතීන් මල් පූජා කර බුහුමන් දකවන ලදී.

පැරෑලියේ සුනාමි සැමරුම…

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිස් සහභාගි විය.

මඩකලපුව අම්පාර ධර්ම දිස්ත්‍රික්ක බිෂොප් ආචාර්ය පොන්නයියා ජෝසප් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවන් සිදු කරන ලදී.
මඩකලපුව සමූහ – ටී. එල්. ජවුෆර් කාන්

පූන්තෝට්ටම් සුනාමි ස්මාරකය අබියසදී මියගිය පිරිසට පිං අනුමෝදන් කරති

පැරෑලියේ සුනාමි සැමරුම…

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීමේ වාර්ෂික පූජාව මෙවරත් වවුනියාවේ පූන්තෝට්ටම් සුනාමි ස්මාරකය අබියස පිහිටි හින්දු කෝවිලේදී සංවිධානය කොට තිබුණි.

18 වෙනි වාර්ෂික සිහිපත් කිරීමේ අවස්ථාවට පූන්තෝට්ටම් පොලිස් ස්ථානාධිපතිවරයාද, ප්‍රාදේශීය දේශපාලනඥයෝද, එක්සත් වෙළෙඳ සංගමයේ නිලධාරීන්ද සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස්වල සාමාජිකයෝද සහභාගි වී සිටියහ.

වවුනියාවට අමතරව මුලතිව් කිළිනොච්චි යාපනය හා මන්නාරම යන දිස්තික්කවලද කෝවිල් කිතුනු දේවස්ථාන අසල පහන් දල්වා මියගිය පිරිසට පින් අනුමෝදන් කරවීමේ උළෙලවල් සංවිධානය කොට තිබුණි
දිනසේන රතුගමගේ

පානදුරේ සර්ව ආගමික වැඩසටහනක්

වසර 18 ක් සපිරෙන සුනාමි සැමරුම් නිමිත්තෙන් සර්ව ආගමික වැඩසටහනක් ඊයේ (26දා) පෙරවරුවේ පානදුර මුහුදු වෙරළ තීරයේදී පැවැත්විණි.

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ඝණයේ විහාරාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමි, පානදුර වික්ෂෝපමතා දෙව්මැඳුරේ සංජීව පෙරේරා පියතුමන් සහ පානදුර කන්දසාමි කෝවිලේ සතියන් කුරුක්කල් තුමන් ඇතුළු පානදුර සර්ව ආගමික පූජ්‍ය පක්ෂය සහ පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පානදුර – දීපිකා කාරියවසම් සහ ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment