බදුල්ල නව රදගුරු අභිෂේක ගැන්වීම 22 වැනිදා

212

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් දෙදෙනකු වන හිටපු රදගුරු ස්වර්ගස්ථ වූ අතිඋතුම් එඩ්මන්ඩ් ප්‍රනාන්දු, (නි.ම.නි.) හා විශ්‍රාම යන බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් ප්‍රනාන්දු (දි.ස.නි.) යන පියතුමාලා වෙති. එතුමන්ලාගේ දුරදර්ශි මගපෙන්වීම යටතේ සේවය කිරීමේ අවස්ථාව ලැබීම මහඟු ආදර්ශයක් ද විය.

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීමෙන් පසු අප්‍රේල් 22 වන දින බදුල්ල ආසන දෙව්මැඳුරේදී අභිසෙස් ගැන්වීමට නියමිතය. එතුමා බදුල්ල පදවියේ සිව්වන රදගුරුතුමන් වෙති.

නව රදගුරු හිමිගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් දෙදෙනකු වන හිටපු රදගුරු ස්වර්ගස්ථ වූ අතිඋතුම් එඩ්මන්ඩ් ප්‍රනාන්දු, (නි.ම.නි.) හා විශ්‍රාම යන බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් ප්‍රනාන්දු (දි.ස.නි.) යන හිමිවරු වෙති. එතුමන්ලාගේ දුරදර්ශි මගපෙන්වීම යටතේ සේවය කිරීමේ අවස්ථාව ලැබීම මහඟු ආදර්ශයක් ද විය.

ජූඩ් නිශාන්ත සිල්වා පියතුමා කළුතර පුරවරයේ කළුගඟ අසබඩ මුහුදට නෙරාගිය කලමුල්ල ග්‍රාමයේ වර්ෂ 1970 මැයි 5 වන දින නැසීගිය ඉ. ජෝෂප් සිල්වා සහ ජී. මරියා ප්‍රනාන්දු යන යුවළට දාව උපන් බාල පුත්‍රයාය. කළුතර, කටුකුරුන්ද ශු. පිලිප් නේරි මුනිතුමාගේ දේවස්ථානයට අයත් භක්තිමත් කිතුනු පවුලක් වන මෙම දෙමාපියන් ඉතා නිහතමානී පවුලක් වූ අතර පුතුන් හයදෙනෙක් ඔවුන්ට විය. වින්සන් සිල්වා, ඩොයිඩ් සිල්වා, රොහාන් හයිසින් සිල්වා, ෆැන් මාකස් සිල්වා එම දරුවෝ වෙති. දරුවන් නිසි ලෙස හදාවඩා ගනිමින් අධ්‍යාත්මික වටිනාකම් ලබාදීම සිදු කළහ. එසේම තම එක් දරුවකු දෙවියන් වෙත පුද කිරීමේ එකායන බලාපොරොත්තුවෙන් සිටිය ද, ඒ වන විටත් ක්‍රිස්තුස්වහන්සේගේ තෝරාගැනීම අවසන් කර තිබිණි.

තම පුතාගේ අවංකකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් තම දෙමවුපියෝ මේ දරුවා වර්ෂ 1983 දී කොළඹ කනිටු දෙව්සත්හලට ඇතුළත් කළහ. අනතුරුව සාන්ත ජෝෂප් විiාලයෙන් උසස් අධ්‍යාපන කටයුතු සිදු කළේය. ඒ වනවිට බදුල්ල පදවියේ සහෝදරතුමකු ලෙස සිටි වත්මන් තණමල්විල මීසම් පාලක ඩිලේක්ස් ශාන්ත පියතුමා බදුල්ල පදවියේ සේවය සඳහා සහෝදරතුමා වෙත ඇරයුම් කරමින් එවකට බදුල්ල රදගුරුතුමා හට මොහු පිළිබඳ කරුණු පවසා ඇත. රදගුරුතුමා හමුවීමෙන් පසු හපුතලේ කනිටු දෙව්සත්හලට පිවිස බදුල්ල පදවියට එක්විය. වර්ෂ 1988 දී අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළත් විය. එහිදී ඔහුගේ පරිපූර්ණත්වය වූයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීම සහ එය ඉටුකිරීම වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහිමය හා ගෞරවය ඔහු පසුපස නිබඳව පැමිණියේය.

තම ජීවිතයේ කැඳවීම වෙමින් වර්ෂ 2001 ඔක්තෝබර් 2 වැනි දින බදුල්ල ශා. මරියා ආසන දෙව්මැඳුරේදී බදුල්ල පදවි පූජකයකු ලෙස පැවිදි දිවියට එක්වීය. නවක පියතුමා, එදා පැවිදිවරයකු ලෙස බදුල්ල සීතල පරිසරයේ දියතලාව ක්‍රිස්තුරජාණගේ දෙව්මැඳුරේ මීසම් පාලක පියතුමා ලෙස (2001-2003) සේවය කළේය. පසුව හපුතලේ ශාන්ත එමාඩ් කනිටු දෙව්සත්හලේ අදියුරු

(2004-2007) පූජක සිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනැඟීමට කැපවිය. වර්ෂ 2004 අගෝස්තු 22 දින තම ආදරණීය පියාගේ වියෝවත් සමග සිත්තැවුලට පත්විය.

පියතුමා වැඩිදුර දහම් අධ්‍යාපනය වෙනුවෙන් රෝමයේ පොන්ටිෆිකල් උර්බානියා විශ්වවිiාලයේ (2007-2010) කතෝලික සභා නීතිය පිළිබඳ අධ්‍යාපනය ලැබීය. නැවත සිය රට වෙත පැමිණි පියතුමා බදුල්ල පදවියේ පහළ ඌව අයත් බිබිලේ (2011-2014) ශුද්ධවූ පවුලේ මීසමේ, මීසම් සේවක පියතුමා ලෙස සේවය කළේය. පියතුමා එහි යන විටත් වසර ගණනාවක පටන් විවිධ හේතුන් නිසාවෙන් ඉදිකිරීම් කටයුතු අතරමග නැවතී තිබූ බිබිල නව දෙව්මැඳුරේ සියලුම වැඩකටයුතු පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වය ලබා ගනිමින් විශාල දෙව්මැඳුරක සියලු වැඩ අවසන් කර මීසම් ජනතාවට භාර කළේය. ඉක්බිති පියතුමා වර්ෂ 2014-2019 දක්වා බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැඳුරේ මීසම් සේවක පියතුමා ලෙස සේවය කළේය.

2020 සිට එතුමා බදුල්ල රදගුරු පදවියේ කරිටාස් අධ්‍යක්‍ෂතුමා ලෙස ද සේවය කරමින් මානව අයිතිවාසිකම් හා මානව සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන උස්කොඩ් ආයතනයේ සම්පත් දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා දියත් කළේය. එමගින් මහජනයාට සුහදශීලී සේවාවක් වෙත මගපෑදුණු අතර ආගමික සහජීවනය තුළ සියල්ල සිදුවිය. ඒ ලෙසම බදුල්ල රදගුරු පදවියේ අධිකරණ නාහිමියන් ලෙස ද තම සේවය පදවි පියතුමන්ලා හා සබැඳිව සිදු කළේය.

ආගමික සහජීවනය තුළ රටවැසි සැමගෙත්, ලක් කිතුනු ජනයාගෙත් ආශීර්වාදය නව රදගුරු හිමියන් වෙත නිබඳව හිමිවන අතර, සෑම මනුෂ්‍ය හදවතකම ප්‍රීතියත්, එකම ගැලවීමත් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දොරටුව විවෘත කිරීම සඳහා සියලු දෙනා වෙත ආධ්‍යාත්මිකව මගපෙන්වනු ඇත. රදගුරු හිමිපාණන් වෙත යහපත් ශරීර ශක්තියත්, දේව ආශීර්වාදයත් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

● චින්තක ද මැල්

advertistmentadvertistment
advertistmentadvertistment