බැසිල් අස්වෙයි…බිරිඳ ඇමෙරිකා යයි

823


හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාරදී ඇත.මේ අතර ඒ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද අලු‍යම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
ඇය අද අලු‍යම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment