බෙල්ට් ඇන්ඩ් රෝඩ් ගැන දෙපාරක් කියවිය යුතු චීනය – ලාඕසය යාකරන බුලට් දුම්රිය

795

චීනයේ කුන්මින් Kunming නගරයේ සිට ලා ඕසයේ වියන්චන් Vientiane නගර අතර ඩොලර් බිලියන 6ක වියදමින් චීනය විසින් ඉදිකළ, නවීන බුලට් ටේ‍්‍රන් විදුලි දුම්රිය පසුගිය සතියේ සිට ගමන් ආරම්භ කළේය. පැයට කිලෝ මීටර 160ක වේගයෙන් ගමන් කරන මෙම බුලට් ටේ‍්‍රන් දුම්රිය ලා ඕසයේ සිට චීනයේ කුන්මින් නගරයට කිලෝමීටර 1,035 ක් දුරක් ගමන් කරයි. මෙම ව්‍යාපෘතිය චීනයේ ‘‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්” (Belt and Road Initiative) නමැති අනාගතය වෙනුවෙන් සිදුකෙරෙන සැලැස්මේ කොටසකි. මෙම බුලට් ටේ‍්‍රන් මාර්ගය ලා ඕසයේ සිට තායිලන්තය හරහා මලේසියාවටත් එතනින් සිංගප්පූරුවටත් යා කිරීම මීළඟ පියවරවලදී සිදු කෙරෙනු ඇත.

මෙම බුලට් ටේ‍්‍රන් දුම්රිය දැනට පවතින වසංගත තත්ත්වය නිසා භාණ්ඩ ප‍්‍රවාහනයට පමණක් යොදා ගන්නා අතර, මගී ප‍්‍රවහනයට දැනට භාවිත කරන්නේ නැත. තායිලන්තය වැනි රටවලට ලා ඕසය හරහා චීනය අතර ගොඩබිමෙන් භාණ්ඩ හුවමාරු කිරීමේ නව පියවරක් මේ මගින් ආරම්භ වෙයි.

බෙල්ට් ඇන්ඩ් රෝඩ් ගැන දෙපාරක් කියවිය යුතු චීනය - ලාඕසය යාකරන බුලට් දුම්රිය

”Silk Road Economic Belt” යන අදහසට බෙල්ට් යන්නත් ”21st Century Maritime Silk Road” යන අදහසට රෝඞ් යන වචනයත් කෙටි යෙදුම් ලෙස යොදා මෙම බෙල්ට් ඇන්ඞ් රෝඞ් නාමය නිර්මාණය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ පෝට් සිටිය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, කොළඹ ඞීප් සී පෝර්ට් හි චීනය විසින් පාලනය කරන දකුණු පර්යන්තය, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය, නෙලූම් කුලූන ආදී මර්මස්ථාන ද චීනයේ මෙම බෙල්ට් ඇන්ඞ් රෝඞ් (නව සේද මාවත) කොටස් බවට සැලකිය හැකිය. බෙල්ට් ඇන්ඞ් රෝඞ් ව්‍යාපෘතිය ඉදිකිරීම් අවසන් වන්නේ 2049 දී ය.

ඉන්දියාව සහ ඇමරිකාව මේ අතර බෙල්ට් ඇන්ඞ් රෝඞ් ව්‍යාපෘතිය ගැන පසුවන්නේ ඒ තරම් සුබවාදී ආකල්පයක නොවේ. එක පසෙකින් පකිස්තානය හරහා ද ගොඩබිම් මාර්ග ඔස්සේ චීනය යා කරන මේ බෙල්ට් ඇන්ඞ් රෝඞ් ව්‍යාපෘතිය ඉන්දියාවටද ඒ තරම් සුබදායි දෙයක් හැටියට නොසැලකේ.

ලංකාවේ සිදුවූ ආප්ප විප්ලවය මෙන්ම දැනටත් පවතින ඕනෑම ආණ්ඩුවක් අස්ථාවර කිරීම වැනි, ඉන්දියානු උපක‍්‍රම චීනයේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට සම්බන්ධ තිරය පිටුපස සිට සිදු වන නාටක බව බව පෙනෙන මොහොතක තායිලන්ත බෝඩරයේ දුප්පත් රාජ්‍යක් වන ලා ඕසයට චීනයේ මෙම බුලට් දුම්රිය ආරම්භ වීම කලාපීය භූදේශපාලනය ගැන සොයන බලන අයට වැදගත් ප‍්‍රවෘත්තියකි.

ලංකාවේ පක්ෂ දේශපාලක හාල්මැස්සන්ගේ ගේ රූකඩ නැටුම් බලන අතරම අන්තර්ජාතික තෝරු – මෝරු අතර සිදුවන මෙවැනි අසිරිමත් සිද්ධි ගැන විමසා බලන්නටත් අප අමතක නොකළ යුතුය. 2024 – 2029 පමණක් නොව 2049 දක්වා ශ‍්‍රී ලාංකික මැතිවරණ වලදී පෝට් සිටිය වැනි ව්‍යාපෘති ගැන ඉන්දීය සහ චීන බලපෑම් ශ‍්‍රී ලංකාවේ දේශපාලනික බල පෙරලි වලට බොහෝ හේතු පාදක වනු ඇත.

නාලක කරුණාකලගේ
බැංකොක් – තායිලන්තයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment