මවගේ අනියම් සැමියාගෙන් එකොළොස් හැවිරිදි දැරියට ලිංගික අතවර

519

බිබිල-කුරුවාඹ ප‍්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි දැරියකට මවගේ අනියම් සැමියා විසින් ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අතවරයට ලක්වූ දැරිය තම ඥාතියෙකුගේ මාර්ගයෙන් සිද්ධිය පිළිබඳව බිබිල පොලිසියට පැමිණිලි කර ඇත. දැනට දැරියගේ මව සහ ඇයගේ අනියම් සැමියා ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත්කර ඇත. බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment