මහින්දානන්දව හරවා යැවූ ගුවන්තොටුපළ නිලධාරියාගේ වැඩ තහනම්

676

විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ගුවන්තොටුපළින් ආපසු හරවා යැවූ සිද්ධියකට ගුවන්තොටුපළ නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක් සිදුකරන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශගතවීම සඳහා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත්තේ ඉකුත් 10 වැනිදාය. එහිදී අධිකරණය මගින් විදෙස්ගමන් තහනමක් පනවා ඇති බව ආගමන විගමන නිලධාරීන් ඔහුට පවසා ඇත.

විදෙස් ගමන් තහනමක් නැතැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇති අතර, වාර්තා පරීක්‍ෂා කිරීමෙන් ඊට පසු දින එනම් 11 වැනිදා මන්ත්‍රීවරයාට විදේශගතවීමට අවසර දී තිබේ.

පද්ධතියේ යම් දෝෂයක් නිසා මෙය සිදුවී තිබේද යන්න පිළිබඳව මේ සතියේ පරීක්‍ෂණයක් සිදුකෙරේ.
කටුනායක – ටී. ජේ. කේ. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment