මාලදිවයිනේ කථානායක අගමැති දිනේෂ් අතර හමුවක්

66

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඉකුත් 18 වැනිදා අරලියගහ මන්දිරයේදී සිදුවිය.

කිසි දිනක පලුදු නොවූ දෙරට අතර අනාදිමත් කාලයක සිට තිබූ සම්බන්ධතා හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අගමැතිවරයා හා කතානායකවරයා මෙහිදී ස්මරණය කළහ.

මාලදිවයින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් දක්වන බුද්ධිමය දායකත්වය පිළිබඳව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කිරීමයි.

මාලදිවයින් ආයෝජනවලින් 10%ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව කතානායකවරයා පැවසීය. ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බවද කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කාදර් මස්ථාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment