මාස්ටර් ෂී පශාඕ ස්වාමීන්වහන්සේ ඇගයූ උපහාර උළෙල නිමා වේ

49

සිංගප්පූරුවේ China Town ys Buddha Tooth Relic Temple and Museum ys Tampines Avenue හි පිහිටා තිබෙන Golden Pagoda Buddhist Temple යන විහාරද්වයාධිපති මාස්ටර් ෂී පශාඕ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 1989 සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයත් සමග සමීපතම සබඳතා පැවැත්වූ සිංගප්පූරු ජාතික තෙරනමකි. උන්වන්සේ ලංකාවට වැඩමකොට ලංකාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරීම පිණිසත්, එමෙන්ම නටඹුන් වූ වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම උදෙසාත්, කොළඹින් බැහැරව පිටිසර ප්‍රදේශවල ජීවත් වන දුප්පත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාත්, විශේෂයෙන්ම සාමණේර ස්වාමීන් වහන්සේලා පුහුණු කිරීම උදෙසාත්, ශිෂ්‍යත්ව ආදිය පිරිනමමින් මෙරටට සුවිශේෂිත කාර්ය භාරයක් ඉෂ්ට සිද්ධ කරන ලද නායක හිමිනමකි. එමෙන්ම ස්වාමීන්වහන්සේලා දහස් නම, දෙදහස් පන්සීය නම, පන්දහස් නම දක්වා වඩම්මවා දන් පහන් පූජා කර, සිවුරු පිරිකර පූජා කරමින් සංඝ ශාසනය ව්‍යාප්ත කිරීම සඳහා සුවශේෂී කාර්යභාරයක් සිදුකරන ලද fථිරවාදී සම්ප්‍රදායට ලැදි භික්‍ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේ ලංකාවේ ස්වාභාවික විපත් එනම් නියඟය, ගංවතුර වැනි ආපදා අවස්ථාවලත්, එමෙන්ම සුනාමි අවදියෙත් ලංකා රජයට මුදල් පිරිනමමින් ලංකාවේ ජනතාවගේ දුක සැප බෙදාහදාගත් ශ්‍රේෂ්ඨ හිමි නමකි. මල්වතු, අස්ගිරි, උභය පාර්ශවයෙන් ගෞරව සම්මානවලින් පිදුම් ලබා ඇති උන්වහන්සේ, සිංගප්පූරුවේ වෙසෙන බෞද්ධ ජනතාව, සංචාරකයන් හැටියට සහ වන්දනාකරුවන් හැටියට සියදහස් ගණනින් ලංකාවට රැගෙනවිත් ලංකාව පිළිබඳව සුභවාදී චිත්‍රයක් මවපු හිමි නමකි.

රටේ පැවැති යම් යම් යුධ කෝළහල සහ අස්ථාවරභාවයන් මත උන්වහන්සේ බුරුමයට, තායිලන්තයට, කාම්බෝජයට, වියට්නාමයට, ලාඕසයට පසුගිය කාල වකවානුව තුළ වැඩම කරන්නට යෙදුන අතර සිය ගණන් දායකකාරකාදීන් සමග එහි ගොස් පැරණි වෙහෙර විහාරස්ථාන පිළිසකර කරමින්, දන් පහන් ආදිය පිරිනමමින් ඒ ඒ රටවල් තුළ බුදු දහම ව්‍යාප්තකරවීමේ ශ්‍රේෂ්ඨ කාර්යයක නියැළුණු හිමි නමකි.

මාස්ටර් ෂී පශාඕ ස්වාමීන්වහන්සේ ඇගයූ උපහාර උළෙල නිමා වේ

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ හිටපු මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට සිංගප්පූරුවේදී කරන ලද වකුගඩු බද්ධ කිරීම සඳහා මූල්‍යමය දායකත්වය උන්වහන්සේ දරන ලදී.

මේ රටේ ජාතික, ආගමික, සමාජීය සංස්කෘතික වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලද ගංගාරාම විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් ගිලන් වූ අවස්ථාවේදී සිංගප්පූරුවට ගෙන්වාගෙන පුරා වසර 3 ක් බලාකියා ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් විය පැහැදම් කිරීම සිදුකරන ලද්දේ ද උන්වහන්සේමය.

මෙලෙසින් සම්බුද්ධ ශාසනයට සහ ශ්‍රී ලංකාවට උන්වහන්සේ විසින් ඉටුකරන ලද මෙහෙවර අතිමහත්ය. එම අමිල මෙහෙය ඇගයීමට ලක්කිරීම කළගුණ දන්නා ජාතියක් වශයෙන් අප විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතු කාර්යයකි. ඒ සඳහා ජනාධිපතිතුමන්, ශ්‍රී ලංකා රජය ඇතුළු පාර්ශ්වයන් බොහෝමයකගේ සහයෝගය ඇතුව ගංගාරාම විහාරස්ථානය එම කර්තව්‍යයට මුල පුරණ ලදී.

2023 ජුනි මස 11 වන ඉරිදා පස්වරු 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් “යතිවර ප්‍රතිභා ප්‍රභා” ලෙසින් අති උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම උපහාර උත්සවයේ සුවිශේෂීම අංගය වූයේ උන්වහන්සේගේ රුවින් යුත් මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උළෙල දේශීයත්වය ඔප් නැංවෙන සංස්කෘතිකාංගයකින් මෙන්ම සිංගප්පූරුවේ මෙත්තා පාසලේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී සංස්කෘතිකාංගයකින් ද වර්ණවත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment