මාස හයක් තිස්සේ ගැඹුරු මුහුදේ අතරමං වූ සෝමාලියානුවෝ දෙදෙනෙක් බේරුවලට

846

ධීවර යාත‍්‍රාව කි‍්‍රයා විරහිත වීම නිසා අපේ‍්‍රල් මාසයේ සිට මහ මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ. එහිදී ඔවුන්ගෙන් දෙදෙනෙකු ‘බීනු 5’ බහුදින ධීවර යාත‍්‍රාවෙන් බේරුවල ධීවර වරාය වෙත රැගෙන පැමිණ තිබේ.

25 සහ 30 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනකු මෙසේ ගොඩබිමට රැගෙන විත් තිබේ. ඉකුත් අගෝස්තු 8 දා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව ඇති අතර ,

බෝට්ටු දෙකකට දෙදෙනා බැගින් නංවාගෙන ඇති අතර අනෙක් දෙදෙනා නංවාගත් බහුදින ධීවර යාත‍්‍රාව ඉදිරි දින කිහිපය තුළ බේරුවල ධීවර වරායට ළඟාවීමට නියමිත බව වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාලය පවසයි. ඔවුන් හය දෙනා මේ වන විට බීනු 5 බහුදින ධීවර යාත‍්‍රාව තුළ නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ රදවා සිටි.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment