මියන්මාරයේ අපරාධ කලාපයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 8 ක් මුදාගැනෙති

110

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ නීති විරෝධී සයිබර් අපරාධ කලාපයක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික පිරිසෙන් අට දෙනකු එරට ආරක්‍ෂක අංශවල මැදිහත්වීමෙන් මුදාගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා සඳහන් කරයි. මෙම කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අතුරින් 08 දෙනකු ඊයේ (04දා) මෙලෙස මුදාගත් බව තානාපතිවරයා පවසයි. මියන්මාරයේ ආරක්‍ෂක අංශ විසින් මුදාගත් ශ්‍රී ලාංකිකයන් පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්‍ෂිතව රඳවා සිටින බව පැවසූ ජනක බණ්ඩාර මහතා එම සයිබර් කලාපයේ රඳවා සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ද මුදාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment