යුකේ‍්‍රන යුද්ධය:  නගර පුරා මළ සිරුරු

803

රුසියානු හමුදා සමඟ දරුණු සටන් පවතින යුකේ‍්‍රන නගරයකට ඇතුළු වූ මාධ්‍යවේදීන්ට සිවිල් මිනිසුන්ගේ මළ සිරුරු වීදියක විසිරී තිබෙන අයුරු සොයාගෙන තිබේ.

 කිව් අසල බුචා හි ප‍්‍රංශ ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරුවකුට අවම වශයෙන් සිරුරු 20ක් නිරීක්ෂණය කර ඇති අතර එක් මිනිසෙකුගේ දෑත් බැඳ තිබුණි.

 යුකේ‍්‍රන තවත් ප‍්‍රදේශයක බීබීසී මාධ්‍යවේදීන් රුසියානු හමුදා විසින් මරා දැමූ සිවිල් වැසියන් දෙදෙනකුගේ සිරුරු සොයා ගත්හ.

 මෙම සතිය මුලදී බීබීසීයේ ජෙරමි බෝවන් සහ ඔහුගේ කණ්ඩායම ම්රියා සහ මයිලා  ගම්මාන අතර මාර්ගයක් දිගේ මළසිරුරු 13 ක් නිරීක්ෂණය කළහ.

 යුකේ‍්‍රනය පවසන්නේ රුසියානු හමුදා කියෙව් අවටින් ”ඉක්මන් පසුබැසීමක්” සිදු කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment