රදාවඩුන්නේ අනතුරකින් යුද හමුදා පොලිසියේ 5කට තුවාල

73

කොළඹ නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා පොලිස් නිලධාරීන් 5 ක් තුවාල ලබා ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

ඊයේ (20දා) අළුයම මෙම අනතුර සිදුවී ඇත. පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සිට ගිරිතලේ හමුදා කඳවුර දක්වා යුද හමුදා පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ගම්පොල සිට කොළඹ බලා ඉන්ධන රැගෙන ඒමට ගමන් කළ බවුසරයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසල වෙළෙඳ සලකටද අලාභානි සිදු කරමින් පාර හරහා ගොස් මෝටර් රථයේ ගැටී ඇත.

තුවාලත් නිලධාරීන් 5 දෙනෙකු වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

නිට්ට්ඹුව පොලීසිය වඩිදුර පරීක්ෂණ පවත්වයි.

කල්එළිය චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment