ලයිට් මීටරේ හිරවුණ ගෙවල් – කම්හල් 40000 ක්

175

අලුත් විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත අයැදුම්පත් හතළිස්දහසක් පමණ ලැබී තිබුණත් විදුලි මීටර්, වයර් ඇතුළු උපකරණ හිඟය නිසා විදුලිය ලබාදීමට නොහැකි වී ඇත.

කර්මාන්තශාලා 800 ක් ද මේ අතර ඇත.

මීටර්, වයර් ඇතුළු අනෙකුත් උපකරණ සපයනු ලබන සමාගම් වෙත ගෙවිය යුතුව තිබෙන හිඟ මුදල් නොගෙවීම නිසා මෙයාකාරයට උපකරණවල හිඟය මතුව ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කුඩා ජල විදුලි බලාගාර ඇතුළු පුද්ගලික බලාගාරවලින් ලංවිම මිලදී ගත් විදුලිය සඳහා ද රුපියල් කෝටි 4000 ක මුදලක් ගෙවාගත නොහැකිව තිබූ මුත් මේ වන විට කුඩා ජල බලාගාර වෙත දිනකට රුපියල් මිලියන 100 බැගින් ගෙවීම් ආරම්භ කර ඇත. ඉදිරි දිනවලදී එලෙස ගෙවා දමන මුදල මිලියන 150 දක්වා ඉහළ දැමීමට ද විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය තීරණය කර ඇත.

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පාරිභෝජනයේ යම්කිසි අඩුවීමක් සිදු වී තිබේ දැයි කළ විමසීමේදී අදාළ නිලධාරියා කියා සිටියේ ඉල්ලුමේ ලොකු අඩුවක් දක්නට නොමැති බවය. ඒ අනුව දිනකට ගෙගාවොට් පැය 45.5 – 46 මට්ටමේ පවතින බව ද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment