ලැබූ ජයග්‍රහණය දෙස් විදෙස් අපකීර්තියට පත්වෙන්න දෙන්න එපා – කාදිනල්තුමා කියයි

216

ඉතා සුබවාදී ජයග්‍රහණ ගණනාවක් අබියස ගැටුම් ඇතිකර එම ජයග්‍රහණ වළක්වාලන්නට ආත්මාර්ථකාමී දෙස් විදෙස් දේශපාලන බලවේග මතුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

එබැවින් මේ මොහොතේ බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව සාමකාමී ලෙස කටයුතු කරන ලෙසත් කුමන්ත්‍රණකාරී බලවේගවලට හසුවී ලබාගත් ජයග්‍රහණ දෙස් විදෙස්හි අපකීර්තියට පත්කර ගැනීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව පවසයි.

එනිසා කලබල නොවී ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු නොවී ඉදිරි දින කිහිපයේ ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාදිනල්තුමා පවසයි.

කථානායකවරයා ද ඉතා ඉක්මනින් පවතින ගැටලු සම්බන්ධව විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද ආයුධ බලයෙන් පවතින තත්ත්වය පාලනය කිරීමට උත්සාහ නොකර රට ගැන අනාගතය ගැන සිතා කටයුතු කරන ලෙසත් කාදිනල්තුමා ඉල්ලා සිටියි.

දේශපාලන පක්‍ෂ ද පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කරන ලෙසටත් රජයේ සහ පෞද්ගලික ජනමාධ්‍ය ද මේ මොහොතේ ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් කාදිනල්තුමා වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment