ලින්කන්ට ප‍්‍රතිචාර ඉහළයි

190

පි‍්‍රයන්ත පිටපතක් ලියනවා

‘හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ’ කිව්වත් අද අපේ කථනායකයා හිනාවෙච්ච තරමට එතරම් තර නොවුණු කෙනෙක්. ඒත් ඔහු ගේ හිනායන වැඩ දැකපු අය අදටත් ඔහු ගැන කතාබහ වෙනවා. පි‍්‍රයන්ත සෙනෙවිරත්න දිහා වැඩි දෙනෙක් බලන්නේ හිනාව කියන කාරණය මූලික කරගෙන. ඔහු තුළ සැඟව තිබෙන වේදිකාව මත මුදාහරින රංගන පෞර්ෂය සැබෑවටම විශිෂ්ඨයි. ඒත් රූපවාහිනිය හරහා දකින හාස්යෝත්පාදක රංගන ශිල්පියා නිසාම අද අපි ඔහුට මේ ඉඩකඩ වෙන් කරන්න හිතුවා. ඒ කියාදෙන්න ආදරේ තරම් ලින්කන් නිසාය. ලින්කන්ට ඉතාම හොඳ ප‍්‍රතිචාර මේ දිනවල ලැබෙනවා. වැඩිහරියක් ඉන්නේ රට අන්දන ලින්කන් වගේ මිනිස්සුනේ. දැන් අපි මගතොටේ වැඩිය ගැවසෙන්නේ නැහැ. ඒක නිසා කට්ටිය හම්බවෙනවා අඩුයි. නමුත් හැබැයි ටෙලිෆෝන් කරලා ගොඩක් අය විවිධ දේවල් කියනවා.

 අපි ෂූටින් කරන්නේ ග‍්‍රෑන්ඞ්පාස් පැරඩයිස් වත්තේ. එතැන ඉන්න ජනතාව ගොඩක් ලින්කන්ට ආසයි. හැමෝම කතා කරන්නේ ලින්කන් අයියා කියලා. ගොඩක් අය කියනවා ඔයා නිසා නාට්‍ය බලනවා කියලා. මිනිස්සුන්ට විනෝදයනේ ඔනේ. අනික මිනිස්සු අගහිඟකම්වලින් මිරිකිලා ඉන්නේ. ඉතිං ඒ නිසා මිනිස්සු ලොකු විනෝදයක් ලබන බව පේනවා. ඒ ගැන මම ඇත්තටම සතුටුයි. මේ චරිතයේ පිටපත අපේ මහේෂ් සත්සර මද්දුමආරච්චිගෙනේ. එතකොට මහේෂ් මේ පිටපත ලියලා ඔහුට සුදුසු අය කවුද කියලා හිතන්න ඇති. මට දුරකථන ඇමතුමක් දුන්නා මහේෂ් මගේ අලූත්ම ටෙලි නාට්‍යයේ ඔයාට චරිතයක් තියෙනවා කියලා. කලින් කරපු නාට්‍යවල මම ලබාදීපු චරිත මට උපරිම මට්ටමෙන් කරන්න පුළුවන් වුණා.

 මීට අමතරව මම හිරු සුපර් ඩාන්සර් වැඩසටහනේ ඉදිරිපත් කරන්නෙක් විදිහටත් කටයුතු කරනවා. එහි අවසාන වටය 25 වැනිදා සජීවී වැඩසටහනක් හැටියට හිරු නාලිකාවේ විකාශනය වෙනවා. ඊට අමතරව තව ටෙලිනාට්‍ය කිහිපයකට කතා කරලා තියෙනවා. මේ තත්ත්වය උඩ තවම ඒවා පටන් ගත්තේ නැහැ. ඇත්තම කිව්වොත් මම මේ දිනවල ගෙදර තනියම කාමරයක ඉන්නේ. මොකද මම නිතර එළියට යන නිසා. ඉතිං ඒ ඉන්න අතරතුර මම කල්පනා කළා මේ තියන වාතාවරණය තුළ වේදිකා නාට්‍යයක් ලියන්න. මගේ හිතේ තියෙන කොටසක් තමයි ලියාගෙන යන්නේ. ඇත්තටම ඉදිරියට සෑහෙන අමාරුවක් වෙයි වේදිකා නාට්‍යවලට පේ‍්‍රක්‍ෂකයන් ගේන්න. අපට තියෙන ප‍්‍රශ්න එක්ක ජනතාවට ආර්ථික ප‍්‍රශ්නත් තියේවි. ඉතිං ඒ නිසා සරල රස වින්දනයක් ලබාදෙන්න පුළුවන්. හැමෝටම රස විඳින්න පුළුවන් යම්කිසි පණිවුඩයකුත් තියෙන කතා පුවතක් රචනා කරමින් ඉන්නවා. ඉතිං ඒක තව අවුරුද්දක් එකහමාරක් යනකොට රටත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා ප‍්‍රදර්ශනය කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

 ඒකට තමයි දැන් මම ඇත්තටම ලෑස්ති වෙන්නේ. මගේ රසිකයන්ට මේ වෙලාවේ කියන්න තියෙන්නේ හොඳින් ආරක්‍ෂාවෙලා ඉන්න කියලයි. එන්නත ලබාගන්න. ලබාගෙන ආරක්‍ෂාවෙලා ඉන්න. අපි රැුකුණොත් තමයි හැමදේම කරන්න පුළුවන්. අභාග්‍යයක් ආපු ගමන් මිනිස්සු මුලින්ම අතහරින්නේ එන්ටර්ටේ‍්‍රනින් කියන කොටස. විනෝදය වීම නතර වෙනවා. මොකද මානසික ප‍්‍රශ්නනේ. ගොඩක් ගැඹුරට හිතන්නේ නැතිව සිංදුවක් අහන්න. චිත‍්‍රපටයක් බලන්න. පොතක් කියවන්න. හැකි හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කියල තමයි කියන්න තියෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment