ලෝක තෙල් මිල ඉහළටම: බොරතෙල් බැරලයක් දැන් ඩොලර් 130 ක්

737

ලෝක තෙල් මිල ගණන් වාර්තා ගත ලෙස ඉහළ යමින් ඊයේ (07 දා) වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 130 ක් පමණ දක්වා ඉහළ ගියේය.

බොරතෙල් මිල ගණන් මෙතරම් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත්තේ 2008 වසරෙන් පසුව එනම් වසර 14 කට පමණ පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු දිගින් දිගටම ලෝක ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යන්නට පටන් ගත්තේය. මේ අනුව ඊයේ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර්

129.78 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ඩබ්ලිව්ටීඅයි බොරතෙල් බැරලයක මිලද ඊයේ වනවිට ඇමෙරිකානු ඩොලර් 126.5 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබූ අතර මේ මිල ගණන් වර්ෂ 2008 න් පසු වාර්තා වූ ඉහළම බොරතෙල් මිල ගණන් ලෙස සැලකේ.

මේ අතර ඇමෙරිකාව සහ යුරෝපා කලාපය රුසියානු ඛනිජ තෙල් ආනයන තහනමක් ගැනද මේ වනවිට සාකච්ඡුා කරමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment