වසරේ ප්‍රථම ග්‍රහ යුද්ධය – කුජ – බුධ යුද්ධයෙන් බුධට ජයං

5760

ආරක්ෂක අංශයේ ඉහළ පුටු මාරුවක්
රජයේ ප්‍රබලයන් විපක්ෂට
බුද්ධිමතුන්ට යහපත් බවක්

සූර්ය මාස මකර රවි 17 භාගයක් වූ චන්ද්‍ර මස දුරුතු අව දියවක තිථිය ලත් ශනි දින 2024.1.27 රාත්‍රී 8.30 ට මෙම වසර තුළ සිදුවන ප්‍රථම ග්‍රහ යුද්ධය කුජ-බුධ අතර සිදු වේ. මෙහිදී සෙන්පති කුජ පරාජයට පත් කරමින් ඥානකාරක බුධ ජය හිමිකර ගනී. ග්‍රහ යුද්ධය සිදු වනුයේ මා නැකතේ දෙවැනි පාදයේදී ය. මා නැකත වනාහි කාල වර්ණ, පුල්ලිංග, සිවුපා අධෝ මුඛ තරු නමයකින් යුත් නැකතකි.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ මෙය සිදුවනුයේ ලාභ ස්ථානය හෙවත් 11 වැන්නේය. ඒ අනුව පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් අතර ගැටලු ඇති කරයි. මන්ත්‍රීන් අතර නොසන්සුන්කම් ඇති කරනු ලබයි. ලැබීම්වලට ආදායම්වලට අවහිරතා පෙන්නුම් කරයි.

වසරේ ප්‍රථම ග්‍රහ යුද්ධය - කුජ - බුධ යුද්ධයෙන් බුධට ජයං

මේ මොහොත වන විට ශනි හෝරාවත්, රවි පංචම කාල හෝරාවත් රවි සුක්ෂම කාල හෝරාවත් යෙදි තිබුණි. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්/ සිංහ නවාංශකයත් උදාව පවතී. එහිදී 22 දෙර්කාණාධිපති මෙන්ම 12 අධිපති සඳු ලග්නගතව ද දෙවැන්නේ කේතු ද පස්වැන්නේ කුජ, බුධ, සිකුරු ද හයවැන්නේ රවි ද හත්වැන්නේ ශනි ද අටවැන්නේ රාහු ද නම වැන්නේ ගුරු ද විය. මෙසේ තේජෝ භූතයට අයත් වන ධනු රාශියේ ඇති වන ක්‍රියාවලිය නිසා රට තුළ විවිධ බාධක ඇති කරයි.

සෙන්පති කුජගේ පරාජය හේතුකොට ගෙන අවි ආයුධවලින් කෙරෙන විපත් බහුල කාලයකි. එසේම ගිනි දිය ඇති කරයි. ආරක්ෂක අංශයන්ට වැඩ රාජකාරී වැඩි වන කාලයක් ද වේ, අභිරහස් ඝාතනවල වර්ධනයක් ද පෙන්නුම් කරයි, පොළොව සෙලවීම් භූ කම්පන තත්ත්ව ද මෙම කාලය තුළ අසන්නට ලැබේ. තව ද හද කම්පා කරවන දරුණු රිය අනතුරු ඇති වන කාලයක් ද වේ. කලාකරුවන්ට විපත් ඇති කරයි. එමෙන්ම ළමයින්ට කාන්තාවන්ට භයානක අපරාධ සිදු වන කාලයක් ද වේ.

ඥානකාරක බුදගේ ජය ගැනීම හේතු කොට ගෙන බුද්ධිමතුන්ට/ආචාර්යඅ මහාචාර්ය/ මාධ්‍යවේදී/ මාධ්‍ය ආයතන යහපත් බවක් පෙන්නුම් කරයි. රජයේ ප්‍රබලයන් විපක්ෂය කරා යන බවක් ද පෙනේ. රාජ්‍ය ආයතනයක හදිසි ගිනි ගැනීමක් ගැන ද පෙන්නුම් කරයි. මේ මොහොත වන විට ශනි නිවෘතව ගමන් කිරිම නිසා දූෂණ චෝදනාවලට ලක් වූ ප්‍රබල චරිත ගණනාවකට නීතියෙන් දඬුවම් හිමි වන කාලයකි.

2024/6/30 පසු ශනි ග්‍රහයා වක්‍ර චලිතයේ ගමන් කිරීම මත කෘෂිකර්මයට, සෞඛ්‍යයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි. මෙම කාලය තුළ බොහෝ විට රෝහල් පද්ධතිය ඖෂධ නොමැති නිසා රෝගීන් දැඩි අර්බුදයකට පත් වේ. 2024/6/30 පසු පාලන තන්ත්‍රයේ ප්‍රබල දේශපාලන වෙනසක් ද පෙන්නුම් කරයි.

තත්කාල කේන්ද්‍රය තුළ මෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළද රාජ්‍ය කාරක රවි දුබලව ගමන් කිරීම මත රාජ්‍යතන්ත්‍රයට ප්‍රබල අභියෝග රැසකට මුහුණ පාන්න සිදු වන බව කිව යුතුය.

ආරක්ෂක අංශයේ ඉහළ පුටු මාරුවක් ද පෙන්නුම් කරයි. උසස් නිලධාරින්ට අපවාද අසන්නට ලැබෙන කාලයකි. විදේශීය කටයුතු සම්බන්ධයෙන් නොයෙක් කරදර ඇති වේ.

ධාර්මිකව සිල්වත්ව පුද්ගලයා සිටීම මත මෙම කියන අසුභ තත්ත්වවලින් මිදීමට ඔබට හැකිවනු ඇත.

වසරේ ප්‍රථම ග්‍රහ යුද්ධය - කුජ - බුධ යුද්ධයෙන් බුධට ජයං

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර
0777962658.

advertistmentadvertistment
advertistmentadvertistment